මට මෑණි වගේ මට පියා වගේ


මට මෑණි වගේ මට පියා වගේ

මට ආදර මගෙ ලංකා

ආගමද මගේ - ජාතියද මගේ

මට ඉහළයි සිරි ලංකා

මට මෑණි වගේ ...............

දරු දැරියෝ - අපි සොහොයුරියෝ

අපි සොහොයුරෝ - එක මව් සෙවණේ ලංකා

අපි වැඩිහිටියෝ - සැම එකමුතුවී

මැව් මව් රට සිරි ලංකා

මට මෑණි වගේ .............

අපි දරු දැරියෝ - මුළු ඉතිහාසේ

ලොව දිනුවා සේ - ජය ජය දී සිරි ලංකා

අපි පොඩි දරුවෝ - දින දින බැබළී

මතු රජ වෙන සිරි ලංකා

මට මෑණි වගේ ..............


(රුවන් ශ්‍රීලාල් දල්පදාදු)



Comments

Popular Posts