ශාකවල ඇති විවිධ මුල් වර්ග හා ඒවායේ කෘත්‍ය
කරු මුල්
නුග ශාකයේ අතුවලට ආධාරකයක් ලෙස ක්‍රියාකිරීම. (කරුවක් ලෙස ක්‍රියාකරයි)
කයිරු මුල් .
ශාකයේ කඳට අමතර ආධාරකයක්ලෙස ක්‍රියාකිරීම.
වැටකෙයියා,
රම්පේ
වාතයේ ඇති ජල වාෂ්ප අවශෝෂණය කිරීම.සමහර වායව මුල් ප්‍රභාසංශ්ලේෂණය සිදු කරයි.
ඕකිඩ් වර්ග
ආලග්න මුල් (ආරෝහක මුල්)
ආධාරකයට සවිවීමට උපකාර වීම.කඳට ඉහළ නැගීම සඳහා
බුලත්, ගම්මිරිස්
වායුධර මුල් (ශ්වසන මුල්)
වායුගෝලය සමග වායු හුවමාරුව සඳහා උපකාර වීම.
කඩොල්, කිරල
ආහාර සංචිත මුල්
ආහාර තැන්පත් කිරීම.
කැරට්, බීට්,
මඤ්ඤොක්කා,
බතල
මූල ගැටිති සහිත මුල්
මූල ගැටිති තුළ වාසය කරන බැක්ටීරියා විසින් පස සරු කිරීම.
නිදිකුම්බා, රනිල කුලයේ ශාක (නිදසුන්- මෑ, බෝංචි, දඹල)
Comments
Post a Comment