අභිමානනීය වූ නවෝදයේ
අභිමානනීය වූ නවෝදයේ
හිරු හෙට උදයේ පායනවා.....
සැකයේ පිනිබිඳු සිඳිලා යනවා
අලුත් දැයක් හෙට උපදිනවා....
ලංකා අපගේ ජන්ම භූමියයි
අපේ ප්රාණ වායුව ලංකා.....
ලංකා අපගේ මාතෘ භූමියයි
අපේ ස්වර්ග ලෝකය ලංකා....
ලංකා අපගේ සාර භූමියයි
අපේ පරම ශක්තිය ලංකා.....
ලංකා අපගේ දීප දීපයයි
අපේ ඥාන ශක්තිය ලංකා.....
අභිමානනීය වූ නවෝදයේ .......
අනුරාපුරයේ පොළොන්නරුවේ හා
සීගිරියේ සුන්බුන් අතරේ
..........//
සිංහල නැණබල සිරුරේ සවිබල
හැංගි ඇතිසැටි බලා ඇදෙව්
අභිමානනීය වූ නවෝදයේ .......
ජය ගංගාවේ යෝධ වැවේ හා
දිය මත ඩා බිඳු මුතු වෙනවා
.......//
රළු වැලි ආරක රන් ලේ ඒ දිය
ඒ පොලවේ රන් බිජු වපුරව්.....
අභිමානනීය වූ නවෝදයේ .......
කම්හල් ඇතුලේ යදම් යකොලු හා
ගිගුම් දිදී බමවා කැරැකි
...........//
අහසේ අළු දුම් වලා සැදිලා
වසිනා ආසිරි වැස්ස බලව්......
අභිමානනීය වූ නවෝදයේ .......
ගේය පද
: ලෙස්ලි බොතේජු
ගේය තනු : අයිවෝ ඩෙනිස්
ගේය හඬ : අයිවෝ ඩෙනිස්
Comments
Post a Comment