මොනරවිල කැප්පෙටිපොළ දිසා
ගොලහෙල කැප්පෙටිපොල සහ දෙල්වල එතනහාමිගේ පුත් කැප්පෙටිපොල දිසාව වූ අතර දුව ඇහැලේපොළ කුමාරිහාමි විය. කැප්පෙටිපොල සිය පියාගේ ඇවෑමෙන් දළදා මාලිගයේ දියවඩන නිලමේ තනතුර හෙබවී ය. මුල සිට ම ඉංග්රීසි ජාතීන් සමග එකට එකතුව කටයුතු කළේ ය. මේ හේතුවෙන් ඌව වෙල්ලස්ස කැරැල්ල මර්ධනය කිරීම පිණිස ඉංග්රීසීන් විසින් යවන ලද්දේ කැප්පෙටිපොල දිසාවේ ය. නමුත් ඔහු ඌවේ ජනතාව සමඟ එක් වී රට ජාතිය බේරා ගැනීමට ඉංග්රීසීන්ට විරුද්ධව සටන් කොට ජය ගත්තේ ය. ඉංග්රීසි ජාතිකයන් මොල්ලිගොඩ දිසාවගේ සහයෙන් කැප්පෙටිපොළ දිසාව ඇතුළු බොහෝ දෙනෙක් සිරභාරයට ගත්තේ ය. ඔහු මරණයට මුහුණ දුන්නේ එඩිතරව ය. ඔහුගේ අවසන් ඉල්ලීම වූයේ තම ගෙල එක කඩුපහරින් ගසා දමන ලෙස ය. මේ මඟින් එතුමාණන් තුළ පැවති වීරත්වය හා නිර්භීත බව පිළිබිඹු වේ.
Comments
Post a Comment