බට්ටා පනිමු./ කොටු පනිමු

සූදානම් වීම

1. පහත සඳහන් පරිදි ක්‍රීඩා පිටිය සූදානම් කිරීම.

 

 




1. සිසුන් කණ්ඩායම් කිහිපයකට බෙදීම.

2. එක් එක් කණ්ඩායමේ සිසුන් තරග වදින පිළිවෙළ තීරණය කීරීමේ ක්‍රම.

            ඉරි ඇල්ලීමෙන්, කුසපත් ඇදීමෙන්, තුණ්ඩු දැමීමෙන්

3. සැම පිලකට ම පැතලි ගල් කැබැල්ලක්/උලු කැට කැබැල්ලක් (බට්ටෙක්) භාවිතය


ක්‍රීඩා කරන ආකාරය

* පළමු ව බට්ටා අංක එකේ කොටුවට දැමිය යුතු ය.

* ඉන් පසු පළමු කොටුව නොපාගා දෙවන කොටුවට තනි කකුලෙන් පැන, තුන් වන කොටුවට තනි කකුලෙන් පැන 4-5 කොටුවලට පාද දෙකම තබා 6 වන කොටුවට තනි කකුලෙන් පැන 7-8 කොටුවලට පාද දෙකෙන් ම පැන උඩ පැන ආපස්සට හැරී නැවත 7-8 කොටුවල පාද දෙකෙන් ම පැනිය යුතු ය.

* 6, 5-4, 3, 2 දක්වා පෙර පරිදි පනිමින් ආ යුතු ය. දෙවන කොටුවේ දී පහළට නැමී 1 කොටුවේ ඇති බට්ටා අතට ගෙන එම කොටුව නොපාගා එළියට පැනිය යුතු ය.

* ඒ අයුරින් ම 2 හා 3 කොටුවලට බට්ටා දමමින් පැනිය යුතු ය.

* හතර වන කොටුවට බට්ටා දමා, 1, 2, 3, 5, 6, 7-8 ලෙස පැනීම කර ආපසු හැරී 5 කොටුවට පැමිණි විට බට්ටා අතට ගෙන පෙර පරිදි තනි පාදයෙන් 3, 2, 1 ලෙස එළියට ආ යුතු ය.

* 5 කොටුව ද බට්ටා දමා ඒ අයුරින් ම ක්‍රියාකාරකම කළ යුතු ය.

* 6 කොටුවට බට්ටා දැමූ විට පෙර පරිදි පැන විත් 6 කොටුව නොපාගා 7-8 වෙත පැන ආපසු හැරී බට්ටා ගෙන පෙර පරිදි පනිමින් ආ යුතු ය.

* 7-8 කොටුවලට බට්ටා දමන විට දී 4-5 කොටුවට බට්ටා දමා පනින ආකාරයට කළ යුතු ය.

* නිවැරදි ව අදාළ කොටුව තුළ බට්ටා විසි කිරීමට නොහැකි වීම දැවී යාමකි.

* බට්ටා සිටින කොටුව පෑගීම දැවී යාමකි/ඉරි පෑගීම දැවී යාමකි. (තරගයෙන් ඉවත් වීමකි.)

* නිවැරදි පිළිවෙළින් පැනීමට නොහැකි වීම ද දැවී යාමකි.

* මේ ආකාරයට සියලු සිසුන්ට අවස්ථාව ලැබෙන පරිදි ක්‍රීඩාව ක්‍රියාත්මක කල .

Comments

Popular Posts