ශ්‍රී ලාංකිකයකු ලෙස අපේ රට නියෝජනය කරමින් ශ්‍රී ලංකාවට ගෞරවයක් ගෙන ආ ශ්‍රී ලාංකිකයෝ
ක්‍රීඩා උත්සව
නෙට්බෝල්
තර්ජිනී සිවලිංගම්
යාපනයේ පුන්නාලයිකඩ්ඩුවාන්හි ඉපිද හැදී වැඩුණු තර්ජිනී අඩි 6 අඟල් 11 ක්උසැති ය. නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා (විශේෂ) උපාධිධාරිනියක්වන ඈ දැල් පන්දු ක්‍රීඩාවට ප්‍රථමයෙන් යොමු වූයේ 2004 වර්ෂයේදීය.
2019 ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ වැඩි ම ගෝල ප්‍රමාණය රැස් කර ගත් ක්‍රීඩිකාව බවට පත් තර්ජිනී, ලබා ගත් ගෝල ගණන 348කි. දෙවන තැනට ආ ජැමෙයිකාවේ ජනිඑල් ෆවුලර්හට රැස් කරගත හැකි වූයේ ගෝල 304ක් පමණි. ඇය 2011 වර්ෂයේ දැල්පන්දු ලෝක කුසලාන තරගාවලියේ හොඳ ම විදින්නිය ලෙස ද සම්මානයට පාත්‍ර විණි. 2011 ලෝක කුසලාන තරගාවලියේදී තර්ජිනී ගෝල 296ක් ලබා ගත් අතර එවර ගෝල දැමීමේ නිරවද්‍යතාව 98%ක් විය.
2018 දී ශ්‍රී ලංකාව නැවත වරක් ආසියානු ශූරයන් බවට පත් වූ අතර තරගාවලියේ හොඳම ක්‍රීඩිකාව ලෙස තර්ජිනී සම්මාන ලැබීය.
වොලිබෝල්
ඩබ්ලිව්.එල් සිරිවර්ධන
1959 දකුණු ආසියානු වොලිබෝල් තරගාවලි පකිස්තානයේ කරච්චි හි දී පැවැත්විය. එහිදී ඩබ්ලිව්.එල් සිරිවර්ධන විසින් හොදම ක්‍රීඩකයාට හිමි සම්මානය හා හොදම ඩෑෂ් කරුට හිම් අයුබ් ඛාන් ජනාධිපති රන් සම්මානය ද හිමිකර ගනු ලැබීය.
වැඩි විස්තර
චෙස්
ජී.එම්.එච් තිලකරත්න
අන්තර් ජාතික චෙස් සම්මේලනයේ වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාවේ හොදම චෙස් ක්‍රීඩකයා වනුයේ ජී.එම්.එච් තිලකරත්න ය. ඔහුගේ ලෝක ශ්‍රේණිගත කිරීම වන්නේ 2450 ය.
වැඩි විස්තර
ක්‍රිකට්
ඔලිම්පික්
ඩන්කන් වයිට්
1948 පැවති ඔලිම්පික් උළෙලේ දී මීටර් 400 කඩුළු මතින් දිවීමේ රිදී පදක්කම දිනා ගනු ලැබීය. ඔලිම්පික් පදක්කමක් ලබා ගත් පළමු ශ්‍රී ලාංකිකයා මොහුය.
වැඩි විස්තර
සුසන්තිකා ජයසිංහ
ඇය ඔලිමිපික් පදක්කමක් දිනා ගත් එකම සිංහල පුද්ගලයාය. 2000 වසරේ පැවති ඔලිම්පික් උළලේදී ඇය ලෝකඩ පදක්කමක් (පසුව එහි රිදී පදක්කම ඇයට හිමිවිය) දිනා ගත්තාය.
විවිධ සම්මාන ලබා ගැනීමට අදාළ උත්සව
චිත්‍රපට
නාට්‍ය
ලොව විශිෂ්ඨතම වොද්කා සම්මාන උළෙල වන, බ්‍රිතාන්‍යයේ ඔල්වියර් සම්මාන උලෙළේ 2022 වර්ෂයේ හොදම නළුවාට හිමි සම්මානය ශ්‍රී ලාංකිකයෙකු වූ හිරාන් අබේසේකර හිමිිි ගනු ලැබීය.
නව නිපැයුම්
ආචාර්ය මහේශ් එදිරිසිංහ හා තිමිර සනුක තිලකරත්න විසින් 2018 වර්ෂයේ දී ලෝක නව නිපැයුම්කකරුවන්ගේ සංගමය විසින් පිරිනමන GRAND AWARD සම්මානය දිනාගනු ලැබීය.
අභ්‍යවකාශ වැඩසටහන් සහ වෙනත් විද්‍යාත්මක
පර්යේෂණ සඳහා අන්තර්ජාතික තලයට එක් වූ ලාංකිකයෝ
Comments
Post a Comment