පැරණි සටන් කාව්‍යය

1. යුද්දෙටත් ඇවිත් සිඳු පිට නැව් නැඟිලා - පරංගී

උන්නමුත් ඇවිත් කොළඹට ගොඩ බැසලා

අන්දමත් සොඳයි කිසි බිසි ගාලා - කොළඹ දී

කම්පලක් නැතත් සෙනඟක් මරාදාලා

 

2. නොමදින් විකුම් පාලා

සැදෙමින් යුදට ජය ලන්දේසින්

සමඟින් එ ජනරාලා

සමිඳුන් ගෙ භූමිපාලා

                                                                      
සියසේ අතින් මියැ මින් ගියෝ

යුදයෙන් ඇනුම් කාලා

 

3. රණ් ආ එ ලන්දේසී //

පන්නා මෙලෙස පෙන්නා බලය

පන්නා ලීය සිසී

ගෙන්නාලා ඉංග්‍රීසි //

දන්නා ඔවුන් ගෙන්නා බැඳල

සෙන්නා අයට දාසී

දුරලා සතුරු වියවුල් //

කරලා දිගඹු බබලා වැජඹී

නිමලා එකින් එක දුල්

ලකළා මෙ අප මිහිපල් //

සකලා සිරිත් විකලා නොකර

මැඬලා නැසී වියවුල්











Comments

Popular Posts