පුරාණ මිනුම් ක්‍රම
පාසලේදී හෝ වෙනත් ක්‍රම මගින් අප ඉගෙනගෙන ඇත්තේ පුරාණයේදී මෙරට තිබූ මිනුම් ක්‍රම සම්මත මිනුම් ක්‍රම නොවූ බවයි. වියත, රියන, බඹය ආදී මිනුම් ක්‍රම එකල භාවිතා වූ බවත් ඒවා මිනිසාගේ ශරීරයේ කොටස් ඇසුරින් ගණනය කල බවත් අප අසා ඇත්තෙමු. ඒවා එක් එක් පුද්ගලයාගේ ශරීර ප්‍රමාණය මත වෙනස්වන බැවින් ප්‍රාථමික මිනුම්ක්‍රම වශයෙන් හදුන්වනු ලැබීය.
නමුත් එවැනි මිනුම්ක්‍රමයකින් යෝද ඇල සැතපුමකට අගලක බැස්මකින් යුතුව සකස්කලේ කෙසේදැයි අප විමසුවේ නැත. එම කරුණ පසෙකින් තැබේවා.
සෙනරත් පරණවිතාන මහතා කැනීම් සිදුකල ස්ථානයන්ට ආදාල වාර්ථාවන්හි, එම ස්ථානවල ඇති විවිධ ඉදිකිරීම්වල දිග, පළළ, උස, ගැඹුර ආදියෙහි බොහෝ විට මිනුම් දක්වා ඇත්තේ අඩි වලිණි. විවිධ කාලවල, විවිධ ස්ථානයන්හි සැකසුනු එම අතීත නිර්මාන එකම මිනුම් දර්ශකයකට සමපාත වූයේ කෙසේද?
එසේනම් අතීතයේදී මෙරට සම්මත මිනුම් ක්‍රමයක් තිබුණේද?
උපුටා ගැනීම - පුරාවිදු පරියේසණ - සෙනරත් පරණවිතාන මහතා
දක්ඛීණ ථූපය (ක්‍රි.පූ 89 පමණ) - දිග අඩි 46 පළලඅඩි 7
ගැඹුර අඩි 4, දුර අඩි 74 ....
සීගිරි ජල උද්‍යානය - (ක්‍රි.ව 5වන සියවස) - අඩි 75ක්, අඩි 16ක්, අඩි 12ක් ගැඹුරු
(තවත් බොහෝ උදාහරණ ඇතත් ලිපිය දිගුවන බැවින් නවතිමි)
මේවා ආසන්න අගයට සිදුකල ගණනය කිරීම් නොවේ. ඇතැම් තැන්වල උස අඩි 3 අගල් 4, අඩි 5 අගල් 2, අගල් 5 3/4, අගල් 1 9/16 ආදී වශයෙන් මිනුම් දක්වා ඇත.
ක්‍රි.පූර්ව පළමුවන සියවසට පෙර ඉදිකලා යැයි සැලකෙන කණ්ටක චෛත්‍යයේ තිබූ කරඩුවක විශ්කම්භය අගල් 1 9/16 වූ බව පරණවිතාන මහතා සදහන් කරයි.
මෙයින් පෙනී යන්නේ එකල තිබූ මිනුම් ක්‍රමය මගින් අවම වශයෙන් අගලකින් 16න් පංගුවක් පමණ කුඩා අගයන් මැනීමට හැකිවතිබූ බව නොවේද?
අපගේ පැරණි මිනුම්ක්‍රම පිළිබද ඇති මතයන් වෙනස් කිරීමට හා ඒ පිළිබදව ගවේශණය කිරීමට කාලය එළැඹ තිබේ.
ජායාරූපය (අන්තර්ජාලයෙනි) - සීගිරි ජල උද්‍යාන සිතියම
Comments
Post a Comment