රෝහල්
රෝහල් ගැන අපිට තියෙන්නෙ මිහිරි මතකයන් නොවේ. ඒකට හේතුව තමයි වර්තමාන සිංහලයන්ගෙ තියෙන අරාජිකත්වය. ඒක වෙනම මාතෘකාවක්. මේ කියන්න යන්නෙ අතීතයේ ජීවත්ව සිට, දැනට වදවී ඇති අසිරිමත් ජාතියක් වූ හෙලයන්ගේ රෝහල් ගැනයි. ලොව ප්‍රථම සංවිධිත රෝහල් මොවුන් විසින් ගොඩනගා ඇත. මිහින්තලය රෝහල ආශ්‍රිතව සිදුකල පුරාවිද්‍යාත්මක සොයාගැනීම් අනුව පෙනී යන්නේ මොලය ආශ්රිත සැත්කම් පවා එම රෝහලේ සිදුකර ඇති බවයි. (මහාචාර්ය රාජ් සෝමදේව මහතා). පහත දැක්වෙන්නේ ලේඛන, ශිලා ලේඛන හා පුරාවිද්‍යාත්මක තොරතුරු අනුව හෙලිවන මෙරට රෝහල් ඉදිකල හා රෝහල් සදහා අනුග්‍රහය සැපයූ රජවරුන් කිහිපදෙනෙකු පිළිබදවය. මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව ආරම්භවන්නේ ඊයේ පෙරේදා සිට නොව ක්‍රිස්තු පූර්වයේ සිට බව අප සිහිතබාගත යුතුය. එම සිහියටත් වඩා සිහියකින් යුතුව එම වෛද්‍ය ක්‍රමයට සිදුවූයේ කුමක්දැයි කල්පනා කලයුතුව ඇත.
1. පන්ඩුකාභය රජු ( ක්‍රි.පූ 394-307) සිවිකාසාලා (මාතෘ රෝහල්)/සොත්තිසාලා (රෝහල්)
2. දේවානම්පියතිස්ස රජු (ක්‍රි.පූ 250-210)
3. දුටුගැමුණු රජු (ක්‍රි.පූ 161-137) රෝහල් 18ක් ඉදිකර ඇත
4. බුද්ධදාස රජු (ක්‍රි.ව 340-369) අන්ධ, අබ්බගාත අයවලුන් සදහා වෙනම රෝහල්, රෝහල්, සත්ව රෝහල් පිහිටුවා ඇත
5. I උපතිස්ස රජු (ක්‍රි.ව 369-410) අබ්බගාත අයවලුන් සදහා වෙනම රෝහල්, රෝහල්, මාතෘ රෝහල් පිහිටුවා ඇත
6. මහානාම රජු ( ක්‍රි.ව 410-432)
7. ධාතුසේන රජු ( ක්‍රි.ව 459-477
8. I මුගලන් රජු (ක්‍රි.ව 495-512) රෝහල් සදහා ඇදන් හා ඖෂධ ලබාදි ඇත
9. සිලකාල රජු (ක්‍රි.ව 522-535) රෝහල්වල සේවයකල අයවලුන් සදහා වැටුප් ගෙවා ඇත.
10. දප්පුල රජු ( ක්‍රි.ව 659-662
11. II මහින්ද රජු (ක්‍රි.ව 777-797)
12. I සේන රජු (ක්‍රි.ව 833-853
13. II සේන රජු (ක්‍රි.ව 853-887
14. II උදය රජු (ක්‍රි.ව 887-898)
15. IV කාශ්‍යප රජු (ක්‍රි.ව 898-915)
16. V කාශ්‍යප රජු (ක්‍රි.ව 915-924)
17. I පරාක්‍රමබාහු රජු (ක්‍රි.ව 1153-1186)
18. IV දප්පුල රජු ( ක්‍රි.ව 924-935)
19. IV මහින්ද රජු (ක්‍රි.ව 956-972)
නිච්චං අට්ඨාරසට්ඨානේ - වෙජ්ජේහි විහිතජ අහං
ගිලානභත්තභේසජ්ජං - ගිලානානමදාපයිං
දහඅට ස්ථානයක නිරතුරුවම වෛද්‍යවරුන් යොදවා ගිලන් ආහාරයත්, බේත්හේත් ආදියත් මං රෝගීන්ට ලබා දුන්නා
(දුටුගැමුණු රජු)
මහාවංශය - 32 පරිච්ඡේදය - 38 ගාථාව
ඡායාරූප
1 ථූපාරාම රෝහල - අනුරාධපුරය
2. මිහින්තලය රෝහල
3. අලාහන පිරිවෙන පොලොන්නරුව
4. රිටිගල රෝහල
(2,3,4 ඡායාරූප අන්තර්ජාලයෙනි)
Comments
Post a Comment