අධ්‍යාපනයේ වටිනාකම රු. 99කි
ඔබගේ දරුවාගේ ජීවිතයෙන් වසර 13ක් කාබාසිනියා කොට ලබා ගන්නා පාසල් අධ්‍යාපනයෙහි වටිනාකම රු.99ක් බව ඔබ දන්නවද?
මා කියන්නේ මුසාවක් යැයි ඔබට සිතෙනවා නම් ලිවීමේ කියවීමේ, මූලික ගණිත කර්මයන්ගේ, හා පරිගණක භාවිතයේ හැකියාව සහිත දරුවෙකුට අන්තර්ජාල පහසුකම් සහිත පරිගනකයක් හා ඔහු කිසි දිනක නො හැදැරූ විෂයයක ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් නිකුත්කල ප්‍රශ්න පත්‍රයක් ලබා දෙන්න. ප්‍රශ්න පත්‍රයේ ස්වභාවය අනුව සාධාරණ කාලයක් තුළ දී ඔහු A සාමාර්ථයක් ලබා ගැනීමට හැකිවන පරිදි පිළිතුරු ලියනු ඇත.
අන්තර්ජාලයට සම්බන්ධ වීමට රු. 99 data card එකක් ප්‍රමාණවත් වේ. පාසල් පද්ධතියට බඩගා ලබා ගන්නා දැනුම, නිවසේදී අන්තර්ජාලය හරහා ලබාගැනීමට ගතවන්නේ තත්පර කීපයක කාලයකි.
ඉදින් දැන්වත් අප යල්පැනගිය දැනුම කටපාඩම් කරන අධ්‍යාපන ප්‍රතිපත්තියේ සිට ආකල්ප, කුසලතා වර්ධනය කරනු ලබන හා දැනුම ලබාගන්නා ආකාරය උගන්වනු ලබන අධ්‍යාපන ක්‍රමයකට මාරුවිය යුතුය.
Comments
Post a Comment