යකා වැහුනොත් තොවිල් නටනවද? බෙහෙත් බොනවද?

වර්තමාන, විද්‍යාව රජයන (😂) ලංකාවේ සිටින අපට තොවිල් නැටීම යනු හුදු අවිද්‍යාත්මක අභිචාර විධියක් පමණි.

හරි. මදක් අතීතයට ගොස් බලමු.

ආශ්‍රය - භෙසජ්ජ මංජුසා -දඹදෙණි යුගය (ක්‍රි.ව 1232-1272)

උන්මත්තක රෝග ආකාර 5කි. එයින් ආගන්තුක උම්මාදය සොර සතුරන්, යක්ෂ භූතාදීන්........... නිසා හට ගනී. එයට ප්‍රතිකාර මෙලෙස දක්වා ඇත.

(උපුටාගැනීම)
15. බැදීම්, තැලීම්, දියෙහි බහාවැලකීම්, කෝපව බැලීම්, දැඩිකොට ඔබා මිරිකීම්, භය ගැන්වීම් මේ ආදී නොයෙක් උපායෙන් උන්මාදය සමනය කොට පසුව පිලියම්* කරනු.
(*මෙයට අවශ්‍ය පිලියම්, එනම් ඖෂධ සකස්කරගැනීම් වෙනම දක්වා ඇත)

16.දෙව පූජා කිරීමෙන්, බලි දීමෙන්, දන් දීමෙන් ඉෂ්ට වූ යාග කිරීමෙන් හොම මන්ත්‍ර ජපකිරීමෙන්, අංජනම් ආදියෙන්, වෛද්‍යාචාරීන් විසින් විධි වූ පරිද්දෙන් මෙකී ප්‍රතිකාර යොදා ආගන්තුක උම්මාදය නසන්නේයි.
(උපුටාගැනීම අවසන්)

මෙනයින් පෙනීයන්නෙ බලි තොවිල් නැටී⁣ම යනු මානසික රෝග ඖෂධ මගින් සුවකිරීමට අවශ්‍ය මූලික අඩිතාලම සකස්කීරීමක් මිස, මානසික රෝග සුවකිරීමේ සම්පූර්ණ යාන්ත්‍රනය නොවන බවයි.

එයින් පෙනීයන්නේ යකා වැහීම (ආගන්තුක උම්මාදය) යනුවෙන් හදුනාගත් රෝගයක් සිංහල වෙදකමේ පවතින බවයි. එම ග්‍රන්ථයට අනුව  යකාවැහීම තොවිල් නැටීමෙන් පමනක් සුව⁣වේයැයි සිතන්නාත්, තොවිල් නැටීම මිත්‍යාවක් යැයි සිතන්නාත් යන දෙදෙනාම සිටිනනේ එකම බෝට්ටුවේය.

-ඉතිහාසය යනු ගල් කනු හෝ ගඩොල් ගොඩවල් නොව, ඒවා ගොඩ නැගූ තාක්ෂණයයැයි අප වටහා ගන්නාතුරු අප වහලුන් ලෙසම සිටීවි-

Comments

Popular Posts