සංවර්ධනය?
අදවන විට ලෝකයේ රටවල් සංවර්ධිත, සංවර්ධනය වෙමින් පවතින, හා
නොදියුණු රටවල් වශයෙන් කාණ්ඩ කොට ඇත.
1.
එසේ කලේ කවුරුන්ද?
2.
කුමණ පදනමක් මතද?
රටක සංවර්ධනය මැනීම සදහා අද වන විට විවිධ
නිර්නායකයන් බටහිර ජාතිකයන් විසින් හදුන්වා දී ඇත. එම මිනුම් දඩු ඔවුන්ගේ දැනුමට
සාපේක්ෂව නිපදවා ඇත. එම මිනුම් දඩු සමස්ත ලෝකය සදහාම සාමාන්‍යකරනයක් වශයෙන් භාවිතා
කිරීම කොතෙක් දුරට සාධාරණ වන්නේද? ඒ ඒ රට සදහා වූ මිනුම් දඩු ඒ ඒ රටට හෝ අවම
වශයෙන් කලාපයේ ලක්ෂණ වලටවත් ආවේනික විය යුත් නොවේද?
ඈත අතීතයේදී මිනිසාහට තිබුනේ මූලික අවශ්‍යතා
කිහිපයක්. එනම් ආහාර, ඇදුම්, වාසස්ථාන අදියයි. වර්තමානය වන විට ලෝකය කෙතරම් දියුණු
යැයි පැවසුවත් මෙම මූලික අවශ්‍යතා වෙනස්වී නොමැත. මිනිසා විසින් දැනුම, තාක්ෂණය
ආදිය සොයා ගනු ලබන්නේ මෙම මූලික අවශ්‍යතා සංතෘප්ත කර ගැනීමට මිස වෙන කිසිවක් උදෙසා
නොවේ. මිනිසෙකු ඉපදී මියයන අතරතුර ඇති සුළු කාලය තුලදී ඔහුට අවශ්‍ය වන්නේ එක්
දෙයක් පමණි. මිනිසා විසින් කරනු ලබන සෑම දෙයක්ම යොමුවන්නේ එය දෙසටයි. එයනම් සතුට
යන්නයි. සංවර්ධිත රටක් යනුවෙන් හදුන්වන්නේද එම රටෙහි සිටිනා මිනිසුන් සතුටින් හා
සැහැල්ලුවෙන් ජීවත්වන්නේය යන අර්ථයෙනි. සතුට යන්න මානසික ක්‍රියාවක් මිස භෞතිකව
ඇතිවන්නක් නොවේ. සතුට සදහා යම් භෞතික සැපයක් අවශ්‍ය වුවද සතුට බොහෝ දුරට
රදාපවතින්නේ මනස මූලික කරගෙනය. එසේනම් රටක සංවර්ධනය මැනීම සදහා භෞතික මිනුම්දඩු යොදාගැනීමෙන්
ඇති ඵලය කුමක්ද?
සංවර්ධිත රටක් වුවද එ රටෙහි මිනිසුන් අසතුටෙන්
සිටීනම් සංවර්ධනය වූවා යැයි පැවසීමෙහි අර්ථයක් තිබේද?
නොදියුණු රටක් වුවද එ රටෙහි මිනිසුන් සතුටෙන්
සිටීනම් නොදියුණු යැයි පැවසීමෙහි අර්ථයක් තිබේද?
එසේනම් රටේ පාලකයන්ගේ වගකීම රට සංවර්ධනය කිරීම
නොව මිනිසුන්හට සතුටින් සිටිය හැකි පරිසරයක් බිහි කිරීම නොවේද?
Comments
Post a Comment