කේදවාචකයේ ආරම්භය
සිංහල භාෂාවට අති විශාල වැරදීමක් සිදුවිය. එම
වැදීමේ බරපතලකමකොතෙක්ද යත් මුළු මහත් සිංහල ජාතියේම විනාශ කිරීමට එයට හැකිය.
වර්තමානය වන විට සිංහළ ජාතිය විනාශ මුඛයට සීග්‍රයෙන් ලගා වන්නේද ඒ හේතුවෙනි
කුමක්ද ඒ වරද?
එයනම් බටහිර නොනිමි පර්යේෂණන් හට විද්‍යාව යන
වචනය භාවිතා කිරීමයි. මෙලොව විද්‍යාව යන වචනය මුලින්ම භාවිතා කරනු ලැබුවේ
බුදුරජානන් වහන්සේ විසිනි. ඒ බරනැස ඉසිපතන නම් මිගදායේදි ප්‍රතම සූත්‍ර දේශනාව වන
දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරමිනි. එහිදි උන් වහන්සේ විසින් චතුරාර්ය සත්‍ය
ධර්මයන් පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කල යුතුයි හා අවබෝධ කරන ලදී යැයි කියා පෙර නොඇසූ
විරූ ධර්මයන්හී දහම් ඇස පහල විය, ඥාණය පහල විය, පඥාව පහලවිය, විද්‍යාව පහලවි,
ආලෝකය පහලවිය ආදී වශයෙන් දේශනා කල සේක.
එහිදී උන්වහන්සේ දහම් දැනුම තුළින් ඥානයත් ඥාණය
තුළින් පඤාවත් පඥාව තුලින් විද්‍යාවත් පහල වූ බව දේනා කරන ලදී. එහිදී උන් වහන්සේ
විද්‍යාව යනුවෙන් හදුන්වන ලද්දේ පරිපූර්ණ, වෙනස් නොවන දෙයකටය. සැබවින්ම විද්‍යාව
යන්නෙහි තේරුමද අවිද්‍යාව රහිත වූ යන්නයි. එනම් පරිපූර්ණ වශයෙන්ම දන්නේය යන්නයි.
වර්තමානයේ බටහිර විද්‍යාව යනුවෙන් අප හදුන්වන්නේ
බටහිර ජාතිකයන්ගේ දැනුමටය. ඔවුන්ගේ දැනුම හරහා ඥාණය සෙවීමටත් ඥාණය තුලින් පඥාව කරා
ලගා වීමටත් ප්‍රඥාවෙන් විද්‍යාවටත් විද්‍යාවෙන් ආලෝකය කරා ඔවුන් උත්සාහ දරයි.
නමුත් බටහිර දැනුම් පද්ධතිය හරහා විද්‍යාවට කෙසේ වෙතත් ප්‍රඤාව කරාවත් ලගාවිය
නොහැක. එයට ගමන්කල හැකි උපරිම සීමාව ඥානයයි. එසේනම් ඔවුන්ගේ දැනුමට විද්‍යාව යැයි
පැවසීම කෙතරම් මුලාවක්ද?
වර්තමානයේ සිංහලයන් විසින් සියලු දෙයට බටහිර
දැනුමට (විද්‍යාවට) දේවත්වයෙන් සලකාගෙනය. ඔවුන්ගේ විශ්වාසය එය විදයාවක් මිස
දැනුමක් නෙවන බවය. යම්දිනෙක බටහිරයන්ට ඇත්තේ දැනුමක් මිස විද්‍යාවක් නොවන බව
සිංහලයන් විසින් තේරුම් ගත් කල්හි මෙරට සෞභාග්‍ය කරා ලගාවනු ඇත. නමුත් එසේ සෞභාග්‍ය
කරා ලගාවිය හැක්කේ එය තේරුම් ගන්නා කාලය වන තුරු මෙරට තිබූ අතිත විද්‍යාවන්
සුරක්ෂතව පැවතුනහොත් පමණි
Comments
Post a Comment