අතුරුදහන් වීම හා අතුරුදහන් කරවීම
අතුරුදහන් වීම
යනු ලෝක ස්භාවයකි. හේතූන් නිසා හටගත් දෙය හේතු නැතිවීමෙන් නැතිවී යාම අතුරුදහන්
වීම හෙවත් අනිත්‍ය වීම වශයෙන් හැදින්විය හැක. අප කැමතිවුවත් නැතත් එම ලෝක ස්භාවයට
මුහුණ දිය යුතුය. අපගේ කැමැත්ත අකමැත්ත මත එය වෙනස්කල නොහැක.
අතුරුදහන්
කරවීම යනු බලහත්කාරකමකි. ඒභාවිකව වෙනස්වී යන්නා වූ දෙය ඒ ස්භාවය ඉක්මවමමින්
විනාශකරලීම අතුරුදහන් කරවීම වශයෙන්
හැදින්විය හැක. අතුරුදහන් කරවීමට අප විරුද්ධ වන්නේනම් එය නවතාලිය හැක.
රාවනා යුගයේ
තිබූ තාක්ෂණය නාම මාත්‍රිකව පමණක් ඉතිරිවී ඇත. කාලයත් සමගම ඒ දැණුම අතුරුදහන් වී
ඇත. එමෙන්ම මායා, මිසර ආදී ශිෂ්ටාචාරයන් සතුව තිබූ දැනුමද අතුරුදහන්වී ඇත. නූතන
බටහිර තාක්ෂණයට පවා එම ශිෂ්ටාචාරයන්හි දැනුම මත ගොඩනැගූ නිර්මාණයන්හි ක්‍රමවේදයන්
අබිරහසක් බවට පත්වී ඇත.
අතීතයේ මෙරට
තිබූ දැනුම හා තාක්ෂණය ද යුග වෙනස්වීම මත සිදුවූ අතුරුදහන් වීමක් වශයෙන්
හදුන්වන්නේනම් එය මුලාවකි. මෙරට දැනුම අතුරුදහන්වූයේ නැත. සිදුවූයේ අතුරුදහන්
වීමකි.
රුවන්වැලි මහා
සෑය ආදී නිර්මාණයන්හි තාක්ෂණික ක්‍රමවේදය තවමත් ඉතිරිව පවතී. මහා වංශය තුල
රුවන්වැලි මහා සෑය ගොඩනැගූ ආකාරය පිළීබදව සවිස්රාත්මකව දක්වා ඇත.
වාරි තාක්ෂණය
වැව් අමුණු, යෝධ ඇල ආදී නිර්මාණ හරහා විද්‍යාමාන වේ.
අතීත මිණුම්
ක්‍රම, ගණිත ක්‍රම ආදිය ආදිය ජෝතිශ්‍යය ආදිය තුළ තවමත් සුරැකිව පවතී
සිංහල වෛද්‍ය
විද්‍යාව තවමත් ජීවමානව පවතී.
කෘෂි කාර්මික
තාක්ෂණය තවමත් ඉතිරිව පවතී. අතුරුදහන් වූයේයැයි සිතූ අතීත කෘෂි තාක්ෂනය රජරට
වකුගඩු රෝගයත් සමගම නැවත ඉස්මතුවෙමින් පවතී.
අතීත සිංහල
යුධ උපක්‍රම ත්‍රළින් කොටි ත්‍රස්තවාදීන් විනාශකරමින් මෑත යුගයේදී යුද්ධයක් අවසාන
කල වීර හමුදාවක් බවට පත් වී ඇත.
මෙවැනි උදාහරන
ඕනෑ තරම් පෙන්වා දිය හැක. අපගේ තාක්ෂණය තවමත් අතුරුදහන් වී නැත. එය තවමත් ජීවමානව
පවතී. එය භාවිතා කිරීමට හෝ ඉගෙන ගැනීමට අවශ්‍යතාවයක් තිබෙන්නේනම් ඒවා තව දුරටත්
භාවිතා කල හැක. උදාහරණයක් ලෙස මෙතෙක් සමාජය විසින් පැරණි වී වර්ග අතුරුදහන් වී
ඇතැයි සිතා සිටියත් රජරට වකුගඩු රෝගය නිසා නැවත ඒවා භාවිතයට පැමිණිම දැක්විය
හැකිය.
එසේනම් මෙරට
තාක්ෂණය අතුරුදහන් වී ඇතැයි සිතන්නේ ඇයි. ඒ ද අතුරුදහන් කරවීමේ ප්‍රතිඵලයකි.
අතුරුදහන්
කරවූවෝ කවරහුද?
බටහිර
ජාතිකයන් විසින් නූතන බටහිර යටත්විජිතකරනයේ ප්‍රබලම ආයුධය ලෙස ‘‘දැනුම‘‘ යනුන
යොදාගනිමින් පවතී. බටහිර යටත්විජිතකරනයට එරෙහිව පවතින ප්‍රබලම ආයුධය වන්නේ ද
දැනුමයි. එබැවින් බටහිරයන් විසින් අතීතයේ සිදු කරනු ලැබුවේත්, වර්තමානයේත්.
අනාගතයේත් සිදු කරනුයේ බටහිර දැනුම හැර අනිකුත් දැනුම් සම්භාරයන් විනාශකරලීමයි.
අනිකුත් දැනුම් පද්දතීන් විනාශවී ගිය කල්හි ඉතිරිවන්නේ බටහිර දැනුමයි. එවිට ලෝකයා හට
අවිවාදයෙන් යුක්තවම බටහිර දැනුම ලොව පවතින එකම දැනුම වශයෙන් පිළිගැනීමට සිදුවනු
ඇත. එය විවේචනයට අභියෝගයට ලක්කිරීමට නොහැකිවනු ඇත. එය බටහිර යටත්විජිතකරනයේ අග්‍රම
ඵලයයි.
මෙරටට පැමිණි
ඉංග්‍රීසීන්හට යුධමය වශයෙන් මෙරට යටත් කර ගැනීමට නොහැකි විය. ඔවුන් මෙරට යටත්කර
ගත්තේ ගිවිසුමක් හරහාය. ලනමුත් ඔවුන් හට සිංහලයන් මානසිකව යටත්කර ගැනීමටවත් පරාජය
කිරීමටවත් නොහැකි විය. එනිසා ඔවුන් ප්‍රථමයෙන් කරනු ලැබුවේ සුසිරිත් දැන සිටි
සිංහලයන් හට දුසිරිත් පුරුදු කිරීමයි.
මත්දුව්‍යයන්ට ඇබ්බැහි කරවීමයි. දෙවනුව පංසල හා සිංහලයා අතර තිබූ අවියෝජනීය
බැදීම පලුදු කොට ඔවුන් පංසලින් ඈත්කරවීමයි.
තෙවනුව මෙරට තිබූ අධ්‍යාපන ක්‍රමවේදය විනාශ කරමින් පාසල් අධ්‍යාපනය හරහා
ඔවුන්ගේ දැනුම හා අදහස් මෙරට මිනිසුන් හට පොම්ප කිරීමයි. එමගින් ඔවුන්ට ගැතිකම්
කරන නිවට පිරිසක් බිහිකර ගැනීමට ඉංග්‍රීසීන්හට හැකිවිය. ඉංග්‍රීසීන් විසින්
ආරම්භකල වර්තමාන පාසල් පද්දතිය තුළින් අතීතයේ සිට වර්තමානය දක්වාම තවමත් සිදු කරනු
ලබන්නේ බටහිරයන්ට ගැති නිවටයන් පිරිසක් බිහිකරලීම හැර වෙන කිසිවක් නොවේ.
බටහිර
ජාතිකයන්ට අනුව දැනුමෙහි පියවරුන් සියලු දෙනා බටහිර ජාතිකයින්ය. අපගේ පාසල් හරහා ද
විශ්වවිද්‍යාල හරහාද උගන්වන්නේ එයයි. එයින් තොරව සිතීම මිත්‍යා ද්‍රෘෂ්ටියක්,
හනමිටි අදහස් දැරීමක් වශයෙන් සිතීමට අපට උගන්වයි. අතීත තාක්ෂනයන් භාවිත කිරීම
යල්පැන ගිය දෙයක් වශයෙන් හදුන්වයි.
යම් දිනෙක
අපගේ දැනුම යල්පැන ගොස් නැති බවත්, බටහිර දැනුමට අභියොගකල හැකි දැනුමක් අප සතුව
ඇති බවත් විශ්වාස කිරීමට පටන් ගතහොත් මේ නූතන බටහිර යටත්විජිතකරනයෙන් මිදීමට අපට
හැකිවනු ඇත.
අවාසනාවකට
මෙන් අපට ප්‍රමාද වීමට කිසිදු කාලයක් ඉතිරිවී නැත. තවත් එක් පරම්පරාවකින් පසු අතීත
දැනුම විනාශවී යනු ඇත. ඊට පෙර අප එම දැනුමෙන් සන්නද්ධ විය යුතුය. ඒ දැනුම ගවේශනය
කොට සංවර්ධනය කල යුතුය. අවම වශයෙන් ඒ දැනුම ආරක්ෂාකල යුතුය. එය ඔබගේත් අපගේත්
ජාතික මෙහෙවරයි.
Comments
Post a Comment