අකුණු වැදීමෙන් මොල කරවූ මිනිසුන්
කතාවේ පළමු කොටස
දෙවෙනි කොටස හා වැදගත්ම කොටස
අනුරාධපුරය යනු තැනිතලා භූමියකි. තැනිතලා භූමියක
උස්ව පිහිටි යමකට අකුණු වැදීමේ සම්භාවිතාවය ඉතාමත් ඉහලය. රුවන්වැලි මහා සෑය අඩි
300කටත් අධික උසකින් යුක්තය. එහි කොතට ලෝහ යොදා ඇත. එය ඉදි කරනු ලැබුවේ ක්‍රි.පූ
140දී පමණය. අනුරාධපුරය වැනි සමතාලා භූමියක පිහිටි රුවන්වැලි මහා සෑය වැනි අධික
උසකින් යුත් ලෝහමය මුදුනක් සහිත නිර්මාණයකට වසර දහස් ගණනක් ගතවුවත් අකුණක්
නොවැදේනම් එය පුදුමයට කරුණකි.
රුවන්වැලි මහා සෑයට අකුණු නොවැදුනේ ඇයි? එයට
ඇත්තේ හේතු දෙකකි.
එසේනම් අකුණු සන්නායක සැබවින්ම සොයාගත්තේ
කවුරුන්ද?
අකුණු සන්නායකය සොයාගනු ලැබුවේ 1749 දී බෙන්ජමින්
ෆෑන්ක්ලින්ය. ඔහු යුරෝපා ජාතිකයෙකි.

1.
එක්කෝ, ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩසිටින මහා
සෑයේ ධාතු නිධානෝත්සවයේදී රහතන් වහන්සේලා සිදුකල අධිෂ්ඨානය හා ධාතුන්වහන්සේලාගේ
ආනුභාවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේ.
එසේත් නැතිනම්
2.
අකුණු යනු දේව කෝපයකි යැයි බියවී කොල අතු ඇදගත්
සුදදෝ ගල්ගුහාවල සැගවී සිටි කාලයේ සිංහලයෝ අකුනු සන්නායක සොයාගෙන ඒවා මහා සෑයේ
සවිකලා විය යුතුය
එසේත් නැතිනම් ඒ දෙකම විය හැකිය.
Comments
Post a Comment