සුන්දර උනවටුනේ අසුන්දරත්වය
සොබාදහමේ අපූර්ව නිර්මාණයන්ගෙන් හෙබි ශ්රී
ලංකාවේ උණවටුන යනු බොහෝ ජනී ජනයාහට රසදුනකි. උණවටුන යනු සිතේ ඇති දාහයත්, ගතේ ඇති
දාහයත් නිවා ගැනීමට ඇති විශ්මිත නිර්මාණයකි. එය මෙරට උපන් අපහට ස්භාදහම් මාතවගෙන්
ලැබුණු දායාදයකි. අපද එසේ සිතුවෙමු.ගතකරන ඒකාකාරී ජීවිතයෙන් මිදී ගතටද සිතටද
විවේකයක් දීමට අප කතිකාකර ගත්තෙමු. රට මැද වෙසෙන අපහට මුහුද දැකීමට ලැබෙන්නේද
කලාතුරකින් බැවින් විවේකයට සුදුසුම ස්ථානය උනවටුන මුහුදුතීරය බව සැමදෙනාගේම අදහස
විය.
උණවටුන යනු බිකිනි හැදගත් සුද්දියන්ගේ පාරාදීසයක්
බව අපට දිස්වූයේ එහි ලගාවූ පසුය. අප එයට විරුද්ධ වුවහොත් අප දූපත් මානසිකත්වයෙන්
පෙලෙන්නන් වශයෙන් හංවඩු ගසනු ඇත. කමක් නැත. සුද්දියන් බිකිනි හැදගත්තාවේ. නමුත් එහි
ඇති කේදවාචකයනම් ඒ අවට වාසය කරන කුඩා දරුවාගේ සිට මහල්ලා දක්වා මෙම බිකිනි
සංස්කෘතියේ කොටස්කරුවන් බවට පත්වී සිටීමය. ඔවුන් ස්වදේශිකයන් වන්නේ හමේ පාටින් හා
භාෂාවෙන් පමණි. ඔවුන්ගේ ඇදුම් පැලදුම්, විලාසිතා, ගති සිරිත්, ආදී සියල්ලම බිකිනි
සංස්කෘතියේ අවශේෂයන්ය. බ්රිත්යන්ය ජාතිකයන්ට මෙරට යටත්වීමෙන් හා 1977 විවෘත්ත
ආර්ථිකයෙන් ඇතිවූ සංස්කෘතික සෝදාපාලුවේ මිලග පියවර මෙම බිකිනි සංස්කෘතියදැයි
සැකයක් මතුවේ.එය එසේ වුවහොත් ජාතියේ අවසානය ගැන වැලපීමට සිත හදාගැනීම හැර වෙනත්
විකල්පයක් ඉතිරි නොවනු ඇත.
අප උපන් දේශයේම අප පිටුවහලුන් වී ඇත.
Great article www.imperialyalasafari.com
ReplyDelete