නිදහස් අධ්‍යාපනය නිදහස් කරමු

මෑත කාලයේ ශ්‍රී ලංකාව තුළ යුග පුරුෂයන් බිහිවී ඇත්නම් ඒ අතේ ඇගිලි ගණනටත් වඩා අඩුවෙන් බව නොබියව ප්‍රකාශ කල හැක. ඒ අතරින් ශ්‍රේෂ්ට පුරුෂ රත්නයක් වන්නේ සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර මැතිතුමන්ය. ඩී.එස් සේනානායක ආදී ධනපති රදල පැලැන්තියේ බලවත් විරෝධතාවය මැද එතුමන් විසින් නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය හදුන්වාදීමෙන් මෙරට සියළු දෙනාහට අධ්‍යාපනයේ අයිතිය රිසිසේ භුක්ති විදීම හැකිවිය. එවකට රටේ පාලනය ගෙන ගිය බටහිර ගැති රදලයන් විසින් කන්නන්ගර මැතිදුන්ගේ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය හමස් පෙට්ටියට දමා නොමිලේ අධ්‍යාපනය ලැබීම යන්න පමණක් ඉතිරි කලේය. එය දෙවනි වන්නේ සුද්දන් විසින් සිංහලයන් හට නොමිලේ අරක්කු දී සිංහලයන් මත්පැන් වලට ඇබ්බැහි කිරීමට පමණි. එදා සිංහලයන් නොමිලේ දුන් මත් දුව්‍ය වලටඇබ්බැහි වීමෙන් සිංහලයන් ඉංග්‍රීසීන්ට යටත් වූයේ යම් සේද, එසේම අදවන විට නොමිලේ දෙන සුද්දන්ගේ අධයාපනයට ඇබ්බැහි වීමෙන් සිංහලයා බටහිරයන්ට මුළු හදවතින්ම යටත් වී ගැතිකම් කිරීමෙන් නොනැවතී සිංහල ජාතියම විනාශය කරා ගමන් කරමින් පවතී. අවාසනාවකට මෙන් ඒ අධ්‍යාපන ක්‍රමය අද වන විට සිංහලයන්ගේ මොල භුක්ති විදිමින් පවතී.
 
 
මෙම අධයාපන ක්‍රමය නිදහස් අධ්‍යාපන ක්‍රමය ලෙස හැදින්වීමට වඩා නොමිල අධ්‍යාපන ක්‍රමය හෝ වහල් අධ්‍යාපන ක්‍රමය වශයෙන් හදුන්වන්නේනම් එය වඩාත් යෝග්‍ය වේ. නමුත් වඩාත් සුදුසු වන්නේ නොමිල අධ්‍යාපනය යන්නයි. මක් නිසාද යත් මෙම අධ්‍යාපන ක්‍රමය හරහා කිසිලෙසකින්වත් නිදසේ සිතීමට ඉඩක් නොදෙන බැවිනි. මෙම අධ්‍යාපන ක්‍රමය හරහා සිදුවන එකම දෙයනම් නිදහස් චින්තනය විනාශ කොට වහල් චින්තනයක් කරා අප ගෙනයාමයි. වර්තමාන අධ්‍යාපන ක්‍රමය මගින් බටහිර ජාතිකයන් පිලිගන්නා දේ අප විසින් පිළිගතයුතු බවත් ඔවුන් ප්‍රතික්ශේප කරන දේ අප විසින්ද ප්‍රතික්ශේප කලයුතු බවත්, ඔවුන්ගේ දැනුම අභියෝගයට ලක් කල නොහැකි බවත්, අපට කිසිවක් සොයා ගැනීමට, සිතීමට නොහැකි බවත් පමණක් අපට දැඩි ලෙස අවධාරණය කරමින් උගන්වනු ලබයි. එබැවින් එය කිසි ලෙසකින්වත් නිදහස් අධ්‍යාපන ක්‍රමයක් නොවේ. නිදහස් අධ්‍යාපන ක්‍රමයක්නම් කල යුත්තේ කවුරුන් හෝ සුද්දෙකු කිවූ දෙයක් පරම සත්‍ය ලෙස හුවා දක්වමින් කටපාඩම් කරවීම නොව, යම් කිසි ප්‍රපංචයක් පිළිබදව ඇති විවිධ මතවාද හදුන්වා දී ඒ පිළිබදව සිසුන්හට විවෘත්තව සිතීමට පෙළඹවීමයි. එබැවින් මෙය නිදහස් අධ්‍යාපන ක්‍රමයක් නොව වහල් අධ්‍යාපන ක්‍රමයකි
අනෙක් අතට නොමිල අධ්‍යාපනය යන්නෙන් නොමිලේ ඉගෙන ගැනීමට ඇති හැකියාව ප්‍රකාශ වන අතර අප ඉගෙන ගන්නා දෙයෙහි වටිනාකමක් නොමැති බවද ප්‍රකාශ වෙයි. එබැවින් එයට වඩාත් සුදුසු වන්නේ නොමිල අධ්‍යාපනය යන්නයි.
කන්නන්ගර මැතිදුන්ගේ නාමයට ගෞරවය පිණිස අප විසින් කල යුත්තේ එතුමා විසින් හදුන්වා දුන් සැබෑ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය නැවත සමාජගත කොට මේ නොමිල අධ්‍යාපන ක්‍රමය අහෝසි කිරීමයි.

Comments

Popular Posts