ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ප්‍රජාතාන්ත්‍රික නොවන භාෂා ප්‍රතිපත්තිය

ප්‍රජාතන්ත්‍රවාදයට අනුව බහුතරයේ කැමැත්ත ක්‍රියාත්මක විය යුතු අතර සුළුතරය එයට අවනත විය යුතුය.
 
රාජ්‍ය පරිපාලන චක්‍රෙල්ඛ 01/2014ට අනුව රාජ්‍ය සේවයට ඇතුලත් වී වසර 5ක් තුළ රාජ්‍ය සේවයට බැදුනු රාජ්‍ය භෘෂාවට අමතරව අනෙක් රාජ්‍ය භාෂාව සම්බන්ධව ලිඛිත හා කතන ප්‍රවීනතාවය ලබාගත යුතුය. එසේ ලබා ගැනීමට අපොහොසත්වන නිළධාරීන්ගේ වැටුප් වර්ධක විලම්භනය කරනු ඇත. නිළධාරීන් විදේශ ශිෂ්‍යත්ව, පුහුණු පාඨමාලා හෝ පෂ්චාත් උපාධි සදහා ඉල්ලුම් කරන විට රාජ්‍ය භාෂා ප්‍රවීනතාව ලබාගෙන ඇති නිලධාරීන්ට ප්‍රමුඛතාවය ලබාදිය යුතුය.
ශ්‍රීලංකාව තුළ වාසය කරන සිහල, දෙමල, බර්ගර් ආදී සියළු ජනතාවට පාහේ  සිංහල භාෂාව කතා කිරීමට හා අවබෝධ කරගැනීමට හැකිය. එය ප්‍රතිශතාත්මකව 95% ද ඉක්මවනු ඇත.
සිංහල පමණක් කතාකරන ජනතාව 75%ක් පමණ වේ.
දෙමල පමණක් කතාකරන ජනතාව උපරිම වශයෙන් 5%ක් පමණ වනු ඇත.
 ප්‍රජාතන්ත්‍රවාදයට අනුව බහුතරයේ ස්භාවයට සුළුතරය අනුගත විය යුතුය. නමුත් මෙරට භාෂා ප්‍රතිපත්තියට අනුව බහුතරය සුළුතරයට අනුගත විය යුතුය.  වඩාත් ප්‍රායෝගික හා සාර්ථක ක්‍රමය වනුයේ 75%කට දෙමල ඉගැන්වීම නොව 5%කට සිංහල ඉගැන්වීම බව  ලදරුවෙකුට පවා අවබෝධ වන කාරණයකි. නමුත් භාෂා ප්‍රතිපත්තිය මගින් බලහත්කාරයෙන් බහුතරය සුළුතරයට අනුගත කිරීමට සැරසේ.
නිළධාරීන්ගේ විදේශ ශිෂ්‍යත්ව, පුහුණු වැඩමුළු ආදියට රාජ්‍ය භාෂා ප්‍රවීනතාවය කුමකටද? ඔවුන්ට අවශ්‍ය වන්නේ ඉංග්‍රීසි භාෂා ප්‍රවීනතාවය මිස සිංහල හෝ දෙමල නොවේ. අනෙක් අතට සිංහල කතා කිරීමට නොහැකි රාජ්‍ය නිලධාරීන් සිටීද?පැහැදිලිවම මෙමම රාජ්‍ය භාෂා ප්‍රතිපත්ය නිසා අසාධාරනයට ලක්වන්නේ සිංහල නිලධාරීන්ය. මෙම ප්‍රතිපත්තියේ පැහැදිලි අරමුනද රාජ්‍ය සේවය  තුළ සිංහල නිලධාරීන් ප්‍රමාණාත්මකව පහත හෙලීම හා රාජ්‍ය සේවයට සිංහල නිලධාරීන් එක් වීම අ‍ධෛර්යමත් කිරීමයි.
 මෙම රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය තුළ ඇති හාස්‍ය ජනකම ක්‍රියාවලිය වන්නේ සිංහල පාසල්වල සිංහල මාධ්‍යෙයන් උගන්වනු ලබන ගුරුවරුන්, විදුහල්පතිවරුන් ආදීන්ටද  දෙමල භාෂාව අනිවාර්ය කිරීමයි. එමගින්ම මෙම රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියේ බලලා මල්ලෙන් එලියට පනිනු දැකිය හැකිය.
මෙහි ඇති භයානකම දෙය වන්නේ අනාගතයේදී රාජය සේවයට ඇතුලත් වීමට අනිවාර්ය සුදුසු කමක් ලෙස දෙවන භාෂා ප්‍රවීනතාවය සැලකීමට ඇති හැකියාවයි. එවිට සිංහලයන් රාජ්‍ය සේවය තුළින් තුරන් කර දැමීමට හැකිවනු ඇත.
වර්තමාන අධ්‍යාපන ක්‍රමය හරහා රාජ්‍ය සේවයට නිළධාරියෙකු ඇතුලත් වන විට ඔහුගේ වයස අවුරුදු 25ක් පමණ වේ. ඊට අඩු වයස් සීමාවකින් රාජ්‍ය සේවයට ඇතුලත් වන්නේ ඉතාමත් සුළු පිරිසකි. එම වයස්සීමාවේ සිටින්නෙකු හට බාහිර පංති වලට සහභාගිවී පාඩම් කරමින් විභාග සදහා පෙනීසිටීමට ඇති හැකියාව ඉතාමත් අල්පය. ඔහුට තම අනාගත ජීවිතය ගොඩ නගා ගැනිම සදහා විශාල සටනකට මුහුන දීමට සිදුවන අවධියකි මේ. එවන් අවධියකදී මෙවැනි පීඩනයක් එල්ලකිරීම කෙතරම් සාධාරනද?
 මෙම රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියද අනෙකුත් ජාතික ප්‍රතිපත්ති වලින් වෙනස් නොවේ. හේ කෙසේද යත්,
නොමිලේ සෞඛ්‍ය, නොමිලේ අධ්‍යාපනය ආදී ජාතික ප්‍රතිපත්ති  සියලු තාංකිකයන්ටය. එවිට ආගම්, ජාති භේද නොසැලකේ.
ජාතික පවුල් සැලසුම් ප්‍රතිපත්තිය සිංහලයන්ට පමණි. එයට ආගම්, ජාති භේද සැලකේ.
 රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියද බහුතර සිංහලයන්ට පමණි. උතුරු නැගෙනහිර පලාත්වල එකම රාජ්‍ය භාෂාව දෙමල පමණි.
ජාතික ප්‍රතිපත්තියක් නම් සියළු ජනතාවට එක හා සමාන ලෙස එහි ප්‍රතිලාභ හා වගකීම බෙදී යායුතුය. සිංහල රාජ්‍ය සේවකයන් හට බලහත්කාරයෙන් දෙමල ඉගැන්වීම රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියක් වශයෙන් හැදින්විය නොහැක.රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කල හැක්කේ සිංහල රාජ්‍ය නිලධාරීන්ට බලහත්කාරයෙන් දෙමල ඉගැන්වීමෙන් නොව පාසල් අධ්‍යාපන ක්‍රමය හරහා සමාජ ගත කිරිමෙනි.
 
මෙවැනි ප්‍රතිපත්ති සම්පාදකයන් ඉන්දියාවේ නොසිටියේ ඉන්දියානු රාජ්‍ය නිලධාරීන්ගේ වාසනාවකටය. මක් නිසාද යත් මෙවැනි භාෂා ප්‍රතිපත්තියක් ඉන්දියාවේ ක්‍රියාත්මක වීනම් එක් ඉන්දියානු රාජ්‍ය නිලධාරියෙකු හට භාෂා 50ක් පමණ ඉගෙන ගැනීමට සිදුවනු ඇත. ඉන්දියාවේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය වන්නේ බහුතරය විසින් භාවිතා කරනු ලබන හින්දි භාෂාව පරිපාලන හා සම්බන්ධිකරන භාෂාව වීමය.

Comments

Post a Comment

Popular Posts