ප්‍රවේසම් වන්න
අප කව්රුත් ආදරයෙන් සරණ ගිය අපගේ ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේ ගුරු උපදේශ රහිතවම ධර්මය අවබෝධ කල සේක. එබැවින් උන්වහන්සේ සම්මා සම්බුද්ධ නම් වන සේක.
බුද්ධාගමික වේශයෙන් පෙනි සිටින ගිහියෙකු හෝ වේවා පැවිද්දෙකු හෝ වේවා, ධර්මය ඉගෙන ගෙන වැඩක් නැත, බුද්ධ ධර්මය අවබෝධ කල හැක්කේ තමාටමයැයි කියනවානම් එය සැක කරන්න. ඔහු කියන්නේ බුද්ධ වචනයක් නොව වෙනත් ආගමකි. මුලාවට පත්වන දෙයකි. ගුරු උපදේශ රහිතව තනිවම මේ ධර්මය අවබෝධ කරනුයේ සම්මා සම්බුදුවරුන් හා පසේ බුදුවරුන් පමණි. ශ්‍රාවකයින් යනු බුදුවරයන් වහන්සේලා පැවසූ ධර්මය හොදින් ඉගෙන ගෙන තම ජීවිතය එම ධර්මයට අනුව පුරුදු කර ධර්මයේ ප්‍රතිලාභ ලබන්නන්ය. මාර්ගඵල ලබන්නය.
න වේ කදරියා දේවලෝකං වජන්ති-බාලා හවේ නප්පසංසන්ති දානං-ධීරෝච දානං අනුමෝදමානෝ-තේනේව සෝ හෝති සුඛී පරත්ථ
මසුරුකම් කරන අය කවදාවත් දෙව්ලොව යන්නෙ නෑ. අසත් පුරුෂයො කවදාවත් දන් දීම ප්‍රසංසා කරන්නෙ නෑ. දන් දීමක් අනුමොදන් වීම උනත් කරන්නෙ ප්‍රඤාවන්තයෙක්ම තමයි. පරලොවදී සැප ලබන්ට ඔහුට ඒකමයි හේතුවෙන්නෙ
යමෙක් දන්දීම වැඩක් නැත යැයි පවසනවානම් ඔහු පවසන්නේ බුද්ධ වචනයක් නොවේ. දන්දීම, පින ආදිය වැඩකට නැතැයි පැවසුයේ අජිත කේසකම්බිල, සංජය බෙල්ලට්ඨී පුත්ත ආදී ශ්‍රාස්තෘවරුය. එබැවින් දන්දීම, පින ආදිය ප්‍රතික්ෂේප කරන්නේ අජිත කේසකම්බිල, සංජය බෙල්ලට්ඨී පුත්ත ආදීන්ගේ ශ්‍රාවකයන් මිස බුද්ධශ්‍රාවකයන් නොවන බව සිහි තබා ගන්න
සුඛංයාව ජරා සීලං - සුඛා සද්ධා පතිට්ඨිතා-සුඛෝ පඤ්ඤාය පටි ලාභෝ - පාපානං අකරණං සුඛං
වයසට යනකල්ම සිල් රැකීම තමයි සැපය. තිසරණය තුල ස්ථිරව පිහිටිම තමයි සැපය. ආර්ය සත්‍ය අවබෝධය ඇතිවීමමයි සැපය. පව් නොකිරීමමයි සැපය
යමෙක් සිල් රැකීම වැඩක් නැත යැයි පවසනවානම් ඔහු පවසන්නේ බුද්ධ වචනයක් නොවේ. සිල් රැකීම වැඩකට නැතැයි පැවසුයේ අජිත කේසකම්බිල, සංජය බෙල්ලට්ඨී පුත්ත ආදී ශ්‍රාස්තෘවරුය. එබැවින් දන්දීම, සිල් රැකීම ප්‍රතික්ෂේප කරන්නේ අජිත කේසකම්බිල, සංජය බෙල්ලට්ඨී පුත්ත ආදීන්ගේ ශ්‍රාවකයන් මිස බුද්ධශ්‍රාවකයන් නොවන බව සිහි තබා ගන්න
අනන්ත ගුණ තේජසකින් යුතු දෙව් මිනිසුන්ගේ එකම ශාස්තෘන්වහ්සේ වූ ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජානන් වහන්සේට ගෞරවාර්ථයකින් තොරවම සාමාන්‍ය පුද්ගලයෙකු හදුන්වන ආකාරයෙන් නිකන්ම නිකන් බුදුන් යැයි ආමන්ත්‍රනය කරන්නේ අන්‍යාගමිකයන් බව සිහි තබාගන්න

Comments
Post a Comment