අහෝ මෙවන් අධ්‍යාපනයක් කුමටද?
මේ අධ්‍යාපන ක්‍රමය සැකසී ඇත්තේ රටේ යහපතටවත්,
දරුවන්ගේ යහපතටවත් නොව පාලකයන්ගේ යහපත උදෙසාය. ඉංග්‍රීසීන් විසින් ඔවුන්ගේ සුභ
සිද්ධිය උදෙසා ඇතිකල වර්තමාන පාසල් ක්‍රමයෙන් ඔවුන් බලාපොරොත්තු වූයේ ඔවුන්ගේ
යටත්විජිත පාලනයට උපකාරීවන පිරිසක් මෙරට තුළ ඇතිකර ගැනීමය. වර්තමානය වන විටද අධ්‍යාපනයේ
එම මූලික අරමුණ වෙනස්වී නොමැත. වර්තමාන පාසල් ක්‍රමය හැඩගස්වා ඇත්තේද පාලකයන්ගේ
හිතසුව උදෙසාය.
මෙරට අධ්‍යාපනයේ තුප්පහිම ලක්ෂණය කඩඉම්
විභාගයන්ය. පළමු කඩඉම පහවසර ශිෂ්‍යත්ව විභාගයයි. එයින් ඉතාම අතලොස්සක් විභාගය
සමත්වේ. බොහෝ පිරිසක් අසමත්වේ. ඒ ලකුණු මදිකමෙන් නොවේ. කඩඉම් ලකුණු නොමැතිකමිනි. ශිෂ්‍යත්වය
සමත්වන සුළු පිරිසට වරප්‍රසාදය. අසමත්වන බහුතරය පිළිබද කිසිදු කතාවක් නැත.
දෙවන කඩඉම සාමාන්‍ය පෙළය. සමත්වන්නන් හට උසස්පෙල
ඇත. අසමත්වන්නන් හට මහ මග ඇත. සමත් වූවද ඉහල ලකුණු ගතහොත් විද්‍යාවය. පහළ ළකුණු
ගතහොත් කලාවය. මෙරට තුප්පහි අධ්‍යාපනය අනුව කළා විෂයන් යනු ලකුණු අඩු මොඩයන් සතු
දෙයකි. (මෙහි කලා යන්න තුළ ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව, තර්ක ශාස්ත්‍රය
ආදියද ඇති අමුතු කලාවක් බව සිහිතබාගත යුතුය)
Comments
Post a Comment