සීලය යන්න
දෙයාකාරවේ. එනම් ආර්ය සීලය හා අනාර්ය සීලයයි
අනාර්ය සීලය
යනු - බමුනන්, වෙත් ශ්‍රමනබ්‍රාහ්මනයන් විසින් විමුක්තිය උදෙසා ආරක්ෂා කරනු ලබන,
එහෙත් නිවනට උපකාරී නොවන වෘතයන්ය. උදාහරනයක් ලෙස ඇතැම් ශ්‍රමනබ්‍රාහ්මනයන්
විමුක්තිය උදෙසා ශරීරයෙහි අලු තැවරීම, තනි කකුලෙන් සිටීම, සාකසා දෙන දානය නොපිළී
ගැනීම.................... ආදී නොයෙකුත් වෘතයන් සීලය වශයෙන් සමාදන්වී ආරක්ෂා
කැරයි. නමුත් එම සීල වෘතයන් නිවනනට උපකාරී නොවන බැවින් අනාර්ය සීලය ලෙසින් හදුවයි
දේවදත්ත
විසින්, ආරණ්‍යයෙහිම විසිය යුතුය, පින්ඩපාතයෙන්ම ජීවත්විය යුතුය, නිර්මාංශ විය
යුතුය, තුන් සිව්රෙන්ම සිටිය යුතුය, පාංශකූල සිව්රු පමණක් දැරිය යුතුය යනු කාරනා
පහ භික්ෂූන් වහන්සේලාට සීලයක් වශයෙන් පනවන මෙන් බුදුන්වහන්සේගෙන් ඉල්ලා සිටියේය.
නමුත් එය ප්‍රතික්ෂේප කල බුදුන් වහන්සේ කැමති ශ්‍රාවකයෙක් හට ඒවා දෘතාංග වශයෙන්
සමාදන්විය හැකි බව දේශනාකොට වදාල සේක.
ආර්ය සීලය
යනු- බුදුන් වහන්සේ විසින් තම ශ්‍රාවකයන්ගේ නිවන් මග පහසු කිරීම උදෙසා, නිවනම
අරමුණු කර පැනවූ සීලයයි. මෙය පුධාන වශයෙන්ම දෙයාකාර වේ. එනම් ගිහි සීලය හා පැවිදි
සීලයයි
ගිහි සීලයද,
- පංචසීලය, බ්‍රහ්මචාරී පංච සීලය, ආජීව අෂ්ටමක සීලය, පොහොය අෂ්ටාංගික සීලය, ගිහි
දස සීලය වශයෙන් විවිධාකාර වේ. ගිහියන්ට තම තම ශක්ති පමණින්, තමාගේ අවබෝධයේ හා
වීරියෙහි ප්‍රමාණයට සුදුසු සීලයක් සමාදන්ව ආරක්ෂා කල හැක.
පැවිදි
සීලයද - ප්‍රධාන කොටස් දෙකකි. ඒ සාමනේර සීලය හා උපම්පදා සීලයයි.
නිවනට අරමුණු
වූ ආර්ය සීලය, ආර්යකාන්ත සීලයක් වශයෙන් පළුදු නොමැතිව පරිපූර්න වශයෙන් ආරක්ෂා කල
යතු බව බුදුන් වහන්සේ දේශනාකොට වදාලා
ඉදින් යමෙකු
බුදුන් වහන්සේ විසින් නිවන අරමුණු කොට, ශ්‍රාවකයාගේ නිවන් මග පහසු කිරීම පිණිස
වදාල ආර්ය වූ ගිහි හෝ පැවිදි සීලයට බමුණන්ගේ සීලය ආදී නොයෙක් නම් වලින් අපහාස
උපහාස කරන්නේනම් එවැනි මිත්‍යා දෘෂ්ටික, ආර්ය උපවාදකයන්ගෙන් ප්‍රවේශම් වන්න.
ඔවුන්ට නොරැවටෙන්න.
ඒ උතුම් නිර්වානය
අරමුණු කරගනිමින් සීලයෙහි හික්මෙන්න. සීලය තුළින් තමාව දමනය කරගන්න.
Comments
Post a Comment