රොකට් බවුද්ද
ඔබ බෞද්ධයෙකුනම් ඉතාමත් ප්‍රවේසම් විය යුතුය. ඒ
රොකට් බවුද්දයන්ගෙන්ය. රොකට් බවුද්දයන් යනු බෞද්ධයන් වශයෙන් පෙනී සිටිමින්
බුදුදහම විනාශ කිරීමේ කූට උපක්‍රමයක් දියත් කරන සංවිධානාත්මක පිරිසකි. මෙම රොකට්
බවුද්දයන් ලෙහෙසියෙන්ම හදුනාගත හැකිය. පහත් ලක්ෂණ සහිතවූවන් රොකට් බවුද්දයන් මිස
බෞද්ධයන් නොවේ. එබැවින් ඔවුන් දුටු තැන ප්‍රතික්ෂේප කරන්න
රොකට් බවුද්දයන්ගේ ලක්ෂණ
1.
දානය ප්‍රතික්ශේප කරයි
2.
සීලය ප්‍රතික්ශේප කරයි
3.
භාවනාව ප්‍රතික්ෂේප කරයි
4.
ත්‍රිපිටකය ප්‍රතික්ෂේප කරයි
5.
සියලු දෙනාට තම ඥානයෙන්ම ගුරු උපදේශයකින් තොරවම
ධර්මය අවබෝධ කල හැකි බව පවසයි ( එනම් සම්මා සම්බුදු බව)
6.
බුදුරජානන් වහන්සේට අපහාස කරයි
7.
ධර්මයට අපහාස කරයි
8.
ආර්ය මහා සංඝරත්නයට අපහාස කරයි
9.
එකවර නිවන් අවබෝඡකල හැකි බව පවසයි (ඒ කෙසේදැයි
නොපවසයි)
10.
අමුතු මාර්ගයක් ගැන කියයි (එය කුමක්දැයි
පැහැදිලිව නොපවසයි)
11.
බුද්ධ දේශනාවන්ගේ ඉතා සුළු කොටස් හෝ වචන
කිහිපයක් ගෙන බුද්ධ වචනයේ අර්ථ විකෘත්ති කොට බුදු දහමටම පහර දෙයි
ඉහත සදහන්
ලක්ෂණ කිහිපයක් පවතීනම් එවැනි රොකට් බවුද්දයන්ගෙන් ප්‍රවේශම් වන්න. රොකට්
බවුද්දයන් සතුව ඉහත සියලු ක්ෂණයන් පැවතියද එක් අවස්තාවකදී ඉස්මතු වන්නේ එක්
කාරනාවක් හෝ කිහිපයක් පමණි. එබැවින් ඉහත සදහන් එක් සාධකයක් හෝ පවතින්නේනම් ඔවුන්
පිළීබදව සැකිලිමත් වන්න
Comments
Post a Comment