පියේහි විප්පයෝගෝ දුක්ඛෝ
අපේ
ආදරණීයයෙකු අපව හැරගිය විට අපට මෙතරම් පීඩාවක්, සෝක කිරීමක්, සෝකයෙන් තැවීමක්, සිත
දවාලන ශෝකයක්, නම් ගොත් කියමින් හඩා වැලපෙන ස්භාවයක් ඇතිවන්නේ ඇයි?
ඒ ප්‍රියයන්ගෙන්
වෙන්වීම දුකට අයිති දෙයක් වන බැවිනි. බුදුන්වහන්සේ දුක්ඛ ආර්ය සත්‍ය දේශනා
කිරීමේදී පියේහි විප්පයෝගෝ දුක්ඛෝ (ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි) යනුවෙන් දේශනාකොට
වදාලේ එහෙයිනි.
මෙසේ ප්‍රියයන්ගෙන්
වෙන්වීම දුකක් වන්නේ ඇයි?
අප බාහිර
ලෝකය හා සම්බන්ධ වන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය හා මනස හරහාය. මෙසේ මේ ආයතන හරහා
බාහිර ලොකය හා සම්බන්ධ වන කලට අපගේ ඇසට ප්‍රිය මනාපවන රූපයක්, කනට ප්‍රියමනාප වන
ශබ්දයක්, දිවට ප්‍රියමනාප වන රසයක්, ශරීරයට ප්‍රියමනාපවන පහසක්, මනසට ප්‍රියමනාප
වන අරමුණු සහිත පුද්ගලයෙකු හමුවූ විට ඔහු මමය, මාගේය, මාගේ ආත්මය යන හැගීමක් ඇතිකර
ගනී.
ඔවුන්ගේ
රූපයට, ඔවුන්ගේ ශබ්දයට, ඔවුන්ගේ ගන්ධයට, ඔවුන්ගේ රසයට, ඔවුන්ගේ පහසට, ඔවුන්ගේ
අරමුණු වලට ප්‍රිය කිරීමට පටන් ගනී. අප බාහිර රූපාදියට කැමති වූ පමණින් ඒවායේ
ස්භාවය අපට පාලනකල නොහැක. ඒවා පාලනය වන්නේ අනිත්‍ය ධර්මතාවය මතය. අප කැමති වූවත්
නැතත් අනිත්‍ය ස්භාවයෙන් යුක්ත වූදෙය අනිත්‍ය වී යයි.
අප
කැමතිවන්නාවූ, ප්‍රිය කරන්නාවූ රූප ශබ්දාදිය ජරාවට පත්වීමෙන් (වසට යාමෙන්),
මරණයෙන්, අපව හැරයාමෙන්, වෙනත් පුද්ගලයන්ට අයත්විමෙන් ආදියෙන් අපගෙන් වෙන්විය හැක.
අප යම් තාක්
කාලයක් බාහිර රූප, ශබ්ද ආදිය නිත්‍ය යැයි සිතාගෙන සිටින්නේද, එම රූප ශබ්දාදිය
සැපයැයි සිතා සිටින්නේද, ඒ රූප ශබ්දාදිය මගේ යැයි සිතා සිටින්නේද, ඒ තාක් කාලයක්ම
අපට ඒ රූප ශබ්දාදිය නිසා දුකක්ම හට ගනී. සෝක කිරීමටම සිදුවේ.
ඔවුන්ගේ
වෙන්වීම දුකක් බවට පත්වූයේ අප ඔවුන්ව හදුනාගෙන සිටි බැවින් බව සිහි කරන්න. අපට
අතීතයේ ඔවුන්ගේ රූපය, ශබ්දය, ගන්ධය, රසය, පහස, ඔවුන් පිළිබද අරමුණු නොපෙනී නොඇසී
නොදැනී තිබුනේනම්, ඔවුන් පිළිබද ප්‍රිය ස්භාවයෙන් අප කටයුතු නොකලේ වීනම් ඔවුන්ගේ
වෙන්වීම අපට දුකක් නොවන බව සිහි කරන්න. ඔවුන්ගේ වෙන්වීම අපට දුකක් වූයේ ඔවුන්
හදුනා ගැනීම හේතුවෙන්ම බව නුවනින් මෙනෙහි කරන්න
ප්‍රිය
ස්භාවය අත් හැරීමෙන් ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුකින් අත්මිදිය හැක.
සිතට දැනෙන
අරමුණු සැබෑ ස්භාවයක් නොව මිරිගුවක් වැනි මායාවක් බව සිහි කරන්න. අරමුණු යනු
මායාකාරී ස්භාවයකි. දක්ෂයෙකු හට මනසට දැනෙන අරමුණු මෙහෙයවිය හැක. අදක්ෂයා මනසේ
ඇතිවන අරමුණු වලින් පාලනය වේ. සිතට දැනෙන අරමුණු නුවනින් මෙනෙහි කරන්න. අතීතය
පිළිබද අරමුණු සිතට නැගෙන විට අතීතය නිරුද්ධවී ගිය බව මෙනෙහි කරන්න. එම අතීතය
භෞතිකව විනාශ වී ඇති බව සිහිකරන්න. සෝක කරන්නේ සැබවින්ම නැති එහෙත් ඇතැයි සිතනා
මිරිගුවකට බව සිහි කරන්න. අනිත්‍ය වී ගිය අතීතයක් පිළිබදව කුමකට සෝක කරන්නද? අනාගතය පිළිබද අරමුණූ සිතට නැගෙන කල්හි අනාගතය
යනු නොපැමිණි දෙයක් බව සිහි කරන්න. නොපැමිනි අනාගතයද පැමිනි කල්හි අනිත්‍ය වූ
අතීතය මෙන් නිරුද්ධවී යන බව සිහි කරන්න. නොපැමිණී අනාගතයක් සිතින් ගොඩනගාගෙන කුමකට
සෝක කරන්නද? වර්තමානය පිළිබද සෝක නොකරන්න. වර්තමානය යනු නොපැමිණි අනාගතයේ
පැමිනීමකි. නිරුද්ධවී ගිය අතීතයේ නිරුද්ධ වීමකි. එබැවින් අනිත්‍ය භාවයට පත්වන
වර්තමානය පිලිබදවද සෝක නොකරන්න.
සිතට නැගෙන
සෑම අරමුණක්ම නුවනින් විමසන්න. (උදාහරනයක් ලෙස සියදිවි හානි කර ගැනීමට සිතේනම්
මරනය යනු කුමක්දැයි සිහිකරන්න. මරනයෙන් පසු සිදුවන දෙය සිහිකරන්න. ශෝකයේ කෙලවර
මරණය නොවන බව සිහිකරන්න)
ප්‍රීතිමත්
අයෙකු බවට පත්වන්න. ඔබ සුරකින සීලය ගැන මෙනෙහි කරමින් සතුටු වන්න, බුද්ධානුස්සතිය
ධම්මානුස්තිය, සංඝගානුසතිය වඩන්න, මෛත්‍රී භාවනාව වඩන්න සියලු සතුන්ට මෙත්සිත
පතුරවන්න. ඔබ නිසැකයෙන්ම ප්‍රීතිමත් පුද්ගලයෙකු බවටපත්වේවි. ප්‍රියයන්ගෙන් වෙන්වීම
දුකට අයත් කාරණයක් මිස දුක් වීමට අවශ්‍ය කාරණයක් නොවන බව ඔබට වැටහේවි
Comments
Post a Comment