බල්ල මාක් අධ්‍යාපනය 🐕
බැල්ලී තම පරපුරින් ආ කිසිදෙයක් බලු පැටියාට උගන්වන්නේ නැත. එබැවින් මිනිසුන් බල්ලන්ට උගන්වයි. හැබැයි මිනිසුන් 🚹 බල්ලන්ට 🐕 උගන්වන්නේ තමා දෙන දේ කෑමටත් තමාදෙන බෙහෙත් බීමටත් මිස ඒවා නිපදාවා ගැනීමට නොවේ. අණ කරනදේ කිරීමට මිස සිතා බලා කටයුතු කිරීමට නොවේ.
මිනිසා නොසලකා සිටිවිට 🐕 කපෝතිය.
අපේ අධ්‍යාපනයත් එසේය. එයින් උගන්වන්නේද කවුරුන්හෝ (බොහෝවිට සුද්දො) කියනදේ එහෙයි කියා පිලිගැනීමටත් දෙනදේ කා වෙනදේ බලා සිටීමටය. ආනයනය හා සුද්දෝ නැතිකල අපි කපෝතිය.
පූසී 🐱 තම පැටියාට පාරම්පරික ඥානය ලබාදෙයි. දඩයම් කිරීම, බෙහෙත් සපයා ගැනීම, ආදියත් උගන්වයි. මිනිසුන්ගේ අණ උට හිතුනොත් පිලිගන්නේය. නැත්නම් නිකා ඉන්නේය. මිනිසුන් දෙන දේද කන්නේය බොන්නේය. නමුත් උට මිනිසුන් 🚹 හිටියත් එකය නැතත් එකය. උට ජීවත් වීමට උගේම මාර්ගයක් ඇත.
අපේ අධ්‍යාපනයද 🐕 මාක් එකේ සිට 🐱 මාක් එකට වෙනස්විය යුතුය.
Comments
Post a Comment