දැනුම

පාලකයෝ පාසල් හදති
එහි ඉගැන්විය යුතු දෑ ඔවුන්ම නිර්නය කරති
ඔවුන් උගන්වන දෑ පමණක් අධ්‍යාපනය යැයි ඇගවීමට විභාග ද තබති
එය එහෙයි කියා පිළිගන්නා්ත්,
කටපාඩම් කරන්නෝත්
විභාග සමත්වෙති
විභාග සමත්වූවෝ කැම්පස් යති
විශ්විද්‍යාලයේ ආචාර්යවරු,
මහාචාර්යවරු ඇත
ඔවුහු
කටපාඩම් කිරීමේ කලාවත්
එහෙයි කීමේ විද්‍යාවත්
කොපි කිරීමේ තාක්ෂණයත්
මැනවින් උගන්වති
එම ශිල්පයන්ගේ කෙල පැමිණියෝ
ආචාරයවරුද වෙති
මහාචාර්යවරුද වෙති
රජයේ උසස් තනතුරුද
හොබවති.

පාලකයෝ අණ කරති
නිලධාරීන් එහෙයි කියති
ජනතාව බලා හිදිති

දැණුම ඇත්තේ පාසලෙනුත් විශ්විද්‍යාලයෙනුත් බොහෝ ඈතකය

Comments

Popular Posts