මෝඩ දල පූට්ටුවා හා මෝඩ සිංහලයා
ලංකාවේ වන ගහනයට සාපේක්ෂව අලි ගහනය වැඩිය. වනගහනයට සාපේක්ෂව වැඩි වුවද සංඛ්‍යාත්මකව සීමිතය. එබැවින් ඔවුන් ඉක්මනින් වඳවී යනු ඇත.
සද්දන්ත දල පූට්ටුවා අලි මෝඩයෙකි. ඌ උෟ ගැනවත්, උගේ වර්ගයා ගැනවත්, උගේ භූමිය වූ වනය ගැනවත් තැකුවේ නැත. ඌ කලේ උෟ අන්ධකල, උගේ වර්ගයා නසන, උගේ භූමිය වනන මිනිසුන්ට විරුද්ධව සටන් කිරීම නොව මෛත්‍රී කිරීමය. අවසානයේ ඌ තම සද්ධන්ත ශරීරය ප්රයෝජනයකින් තොරවම පොලොවට පස් කලේය. කෙදිනක හෝ අලි ඉතිහාසයේ දල පූට්ටුවා වීරයෙකු ලෙසත් තම අයිතිය වෙනුවෙන් සටන්කල උන් නපුරු අලින් ලෙසත් සටහන්වනු ඇත.
මේ අබ ඇටයේ බහුතරය සිංහලයන් වුවද ලෝක ජනගහනයට සාපේක්ෂව ඉතා සුළු පිරිසකි. මෝඩ සිංහලයාද තමාට සිදුවන අකටයුතුකම් නොපෙනෙන අන්ධයන් මෙන් ඉවසා දරා සිටී. එය නොඉවසන කිහිපදෙනෙකු ගම් වැදුනු වල් අලි මෙන් හැසිරෙති.
වර්තමානයේ පවතින වල් අලි න්‍යායේ පජාතික ව්‍යපාර මෙන් නොව පුළුල් දැනුමකින් යුතු, දිගුකාලීන දැක්මකින් යුතු විනයගරුක ජාතික ව්‍යාපාරයක් වහ වහා පැන නොනැගුනහොත් සිංහලයාද ඉක්මනින් වඳවී යනු ඇත.
Comments
Post a Comment