ඒබුහම් ටී කොවුර් නිර්ආගමික වූයේ ඇයි?
ඒබුහම් ටී කොවුර් නිර්ආගමික වූයේ ඇයි දැයි දැන
ගැනීමට නම් ප්‍රථමයෙන්ම බටහිර තර්කයේ ස්වරූපය අවබෝධ කොට ගත යුතුය.
A නම් මැටි වලදක් ඇතැයි සිතමු. B නම් මැටි වලදක්ද ඇතැයි සිතමු. විය හැකි ස්වරූප
2කි. A=B එනම් A නම් වලදට B
නම් වලද සමාන වේ. A≠B එනම්
A වලදට B
වලද අසමාන වේ. ඊට අමතර වෙනත් විකල්ප නැත.මෙහිදී වලදේ ස්වරූපය හැර ද්‍රව්‍යමය
වශයෙන් සමාන හෝ අසමාන වන බව අවධානයට යොමු නොවේ.
ඒබුහම් ටී කොවුර් යනු බටහිර ජාතික ක්‍රිස්තියානි
ආගමිකයෙකි. කලක් ගතවන විට ඔහුට දේව ආගම් වල අසත්‍යතාවය ගම්‍ය වන්නට විය. ඔහු දැන
සිටියේ දේවවාදී ආගම් පිළිබදව පමණි. එබැවින් ඔහු සිතා සිටියේ ආගම් යනු දේවවාදී ආගම්
පමණක්ම බවය. එනම්
සියළු ආගම් දේව වාදීවේ. ඒ ඔහුගේ දැනුමයි
A= සත්‍යය
B= ආගම්
ඒ අනුව A= B යන්න ඔහු බැහැර ක කල්හි ඉතුරු වන්නේ එක්
විකල්පයකි. ඒ A≠B යන්නය.
එනම් සත්‍යය යනු ආගම් නොවේ. හෙවත් ආගම් සියල්ල සත්‍ය නොවේ යන්නයි. බටහිර තර්කයට
අනුව ඔහුගේ නිගමනය තාර්කික වශයෙන් සත්‍ය වේ. නමුත් සැබෑ සත්‍යයට ඔහුගේ නිගමනය බොහෝ
දුරින් පවතින්නකි. එය එසේ වන්නේ ඇයි?
1.
ආගම් ප්‍රතික්ෂේප කිරීම යනුවෙන් ඔහු සිදුකරනු
ලැබුවේ. ආගම් ප්‍රතික්ෂේප කිරීමක් නොව දේවවාදී ආගම් ප්‍රතික්ෂේප කිරීමක්ය
2.
ඇත යන දේව වාදී ආගම් පමණක් නොව නැත යන
නාස්තිකාර්ත අදේවවාදී ආගම් පවතින බව ඔහු
නොදැන සිටියේය. එබැවින්
3.
ඇත යන දේවවාදී ආගමික සංකල්ප අතහැර නැත යන
නාස්තිකාර්ත අදේවවාදී ආගමික සංකල්ප වැලද ගත්තේය
4.
A= B හා A≠B යන්න අතරද යමක් පවතින බව ඔහු නොදැන සිටියේය.
ඒ අනුව ඔහු
පැමිණියේ කරුණු රහිත නිගමනයකට මිස කරුණු සහිත නිගමනයකට නොවේ.
වර්තමාන
නිර්ආගමිකයන් හට අභියෝගයක් ඇත. එනම් ආගම්හි පවතින සාධනීය ලක්ෂණ හරහා ආගම් කාණ්ඩ
කොට දැක්වීමයි. උදාහරණයක් ලෙස ඒක දේවවාදී ආගම්, බහු දේවවාදී ආගම් ........ ආදී ලෙස
හෝ ඇත යන සංකල්ප ඇති ආගම්, නැත යන සංකල්ප ඇති ආගම්.............. ආදී වශයෙනි. එවිට
ඔවුන් හටම ඔවුන්ගේ තර්කයේ ඇති හිස් හා පුස් බව ගම්‍ය වනු ඇත.
කොවුර්ගේ පෙට්ටගමට ගිනිතියල ඉවරයි
ReplyDeleteමිත්‍යාව යනු කුමක්ද? විද්‍යාව දන්නා බවද? විද්‍යාව නොදන්නා බවද? සැක හැර දැන ගන්න. පහත Facebook පේජ් එකට යන්න.
https://www.facebook.com/JyotishLanka