ඉතිහාසය වෙනස් විය යුතුය
ඉතිහාසය යන්න වෙනස් කිරීමට හෝ නැවත සැකසීමට
නොහැක. නමුත් ඉතිහාසය විකෘත්ති කල හැක. වර්තමාන ශ්‍රී ලංකාව තුළ අමු අමුවේම
ඉතිහාසය විකෘත්ති කරනු දක්නට ලැබේ. වර්තමානයේ ඉතිහාසය විකෘති කරන ප්‍රසිද්ධම ක්‍රමවේදය
නම් ඉතිහාසය සුරන්ගනා කතා බවට පත්කොට එය විය නොහැක්කක් බවට පත් කිරීමයි. වර්තමානයේ
ඉතිහාය වශයෙන් උගන්වනු ලබන්නේ කතා මාලාවක් පමණි. උදාහරණයක් වශවයන් රුවන්වැලි මහා
සෑය විශ්මකර්ම දිව්‍ය පුත්‍රයා මිනිස් වෙසක් මවාගෙන විත් සිදුකල දෙයක් වශයෙන්
කියාදෙයි. බටහිර විද්‍යාව නැමති මලකඩින් මලකා ඇති අපේ අලගෙඩි වන් මොලගෙඩි වලට එය
වැටහෙන්නේ සුරංගනා කතාවක් ලෙසය. නමුත් මහා වංශයේ පැහැදිලිවම රුවන්වැලි මහා සෑය
නිර්මාණය කල තාක්ෂණික ක්‍රමවේදය දක්වා ඇත. පර්යේෂණාත්මකව ඒ පිළිබදව හදාරා ඉතිහාසය
හා ඉතිහාසයේ තාක්ෂණය මුසු කරමින් නව අධ්‍යාපන රටාවක් හදුන්වා නොදෙන්නේ එමගින්
බටහිර තාක්ෂණයේ අද්විතීය බව ගිලිහෙන නිසා විය හැක. ඉතිහාසය යනු කතා මාලාවක් පමණක්
නොව දැනුම හා තාක්ෂණය මුසුවූ අද්විතීය දෙයක් බව අප වටහාගත යුතුය.
අප විසින් කල යුත්තේ යන්නන් වාලේ ගමන් කිරීම නොව සමාජය
තුළ ඇති මෙවන් තත්වයන් හට පිළියම් යෙදීමයි. අපගේ වගගකීම වනුයේ බටහිරට වන්දනා
කරමින් සිටීම නොව අපේම ක්‍රම වේදයන් සොයා යාමයි. පැහැදිලිවම කියන්නේ නම් සොයා යාම
නොව තිබූ දැනුම නැවත සොයාගැනීමයි
Comments
Post a Comment