අධ්‍යාපනය- බිහිසුනු අවිය
වර්තමාන ලොකයේ භාවිතා වන ප්‍රබලතම අවියක් ලෙස අධ්‍යපනය යන්න හදුන්වාදිය හැක. මෙහි ඇති ප්‍රභලත්වය කොතෙක්ද යත් බටහිර ජාතිකයින් විසින් මුළු මහත් ලොවක් තම වසගයට ගනු ලැබුවේ අධ්‍යාපනය හරහාය. මෙහි ඇති බිහිසුනු බව නම් මෙම අවියෙන් පහර ලැබූවෙකු බටහිරයන්ගේ බැලමෙහෙකම් නොකරන්නෙකු වේනම් ඒ ඉතා කලාතුරකිනි.
වර්ථමානයේ ශ්‍රී ලංකාව තුළ පවතින අධ්‍යාපන ක්‍රමය ප්‍රථමයෙන් ආරම්භ කරන ලද්දේ ඉංග්‍රීසීන් විසිනි. එම අධ්‍යාපන ක්‍රමයේ එකම අරමුණ වූයේ ඔවුන්ට අවනත පිරිසක් බිහිකරලීම හා ඔවුන්ගේ සිවිල් සේවය සදහා අවශ්‍ය සේවකයන් බිහිකර ගැනීමයි. එවකට සිංහලයන් සතුව පැවති දියුණු අධ්‍යාපන ක්‍රමවේදය නිසා ඉංග්‍රීසීන්ට එහෙයි කියන එහෙයියන් මෙරට නොවීය. එබැවින් ඉංග්‍රීසීන්ගේ වැඩ කටයුතු සදහා අවශ්‍ය සේවකයන් පිටරටින් ආනයනය කිරීමට සිදුවිය. එහි වියදම් අධික ස්භාවය හා සිංහලයන් සතුව තිබූ අධික දැනුම් සම්භාරය හා තාක්ෂණය හේතුවෙන් ඔවුන්ට වන හානිය දුටු ඉංග්‍රීසීන් විසින් එහෙයියන් බිහිකර ගැනිමේ අරමුනෙන් වර්තමානයේ ඇති අධ්‍යාපන ක්‍රමය ආරම්භ කරන ලදී.
ඉංග්‍රීසීන්ගෙන් නිදහස ලැබීයැයි පැවසුවද, විවිධ රජයන් මාරු වුවද, මෙරට තවමත් පවතින්නේ ඉංග්‍රීසීන් විසින් එහෙයියන් බිහි කිරීම සදහා ඇතිකරන ලද අධ්‍යාපන ක්‍රමවේදයමය. කලින් කලට පෙලපොත් පමණක් වෙනස්වේ. එබැවින් තවමත් මෙරට අධ්‍යාපනය ක්‍රමය බටහිරට එහෙයි කියන එහෙයියන් බිහිකරන කම්හලක් බවට පත්වී තිබේ.
මෙම අධ්‍යාපන මාපියාවට විරුද්ධව කිසිවෙකු කතා නොකරන්නේ ඇයි? ඖෂධ, කෘෂි රසායන ආදිය සදහා ප්‍රතිපත්තිවල අවශ්‍යතාවය පිළිබදව සාකච්ඡා පවතින නමුත් අධ්‍යා පන ප්‍රතිපත්තියක් පිළිබදව කිසියවකු උනන්දු නොවන්නේ අයි? බටහිර අධිපතිවාදී ආධිපත්වයට විරුද්ධව නැගී සිටීමටනම් අපටම ආවේනික වූ අධ්‍යාපන ප්‍රතිපත්තියක් අවශ්‍යමය. ශ්‍රී ලකාව දැනුමේ කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමට අදහස් කරන පාලකයන් එය කිරීමට අදහස් කරනුයේ බටහිර පොත් පත් මෙරටදී කටපාඩම් කරවීමෙන්ද? අවම වශයෙන් බටහිර දැනුම කටපාඩම් කිරීම නවත්වා එය දැනුමක් වශයෙන් ලබා ගැනීමට හැකි අධ්‍යාපන ක්‍රමවේදයක්වත් බිහිකර ගැනීමට කිසිවෙකු උනන්දු නොවන්නේ ඇයි?
ඉංග්‍රීසීන්ගේ යටත් විජිත අධ්‍යාපනය නම් ආයුධයෙන් අප කොතරම් දරුණු ලෙස පහරකා ඇතිද යත්, අදවන විට බටහිර දැනුම හැර වෙනත් දැනුම් පද්ධතීන් මෙලොව පවතින බව සිතන පුද්ගලයින් සෙවීම කළු නික සොයන්නාක් මෙන් ඉතා දුෂ්කර කටයුත්තකි. එයින් පහර කෑවුන් සියලු දැනුම සෙවීමට උත්සහ කරනුයේ බටහිර දැනුම හරහාය. අදවන විට ඉංග්‍රීසි භාෂාව නොමැතිව කිසිවක් කල නොහැකි බව ලොකු කුඩා සැමගේ විශ්වාසයයි. නමුත් අද ලෝක බලවතුන් බවට පත්වී ඇත්තේ ඉංග්‍රීසි කතාකරන රටවල් නොව තම මව් භාෂාව පමණක් කතාකරන චීනය, ජපානය, කොරියාව ආදී රටවල් බව ඔවුන්ට නොපෙනේන්නේ ඇයි?
අද අධ්‍යාපන ක්‍රමවේදය හරහා බිහිවන්නේ සම්පූර්නයෙන්ම මොල ශෝධිත පුද්ගලයින්ය. මෙරටදී වෙදකම ලෙස පිලිගනු ලබන්නේ බටහිර වෙදකමයි. බටහිර වෙදකම උගත් වෙදමහතුන් සිංහල වෙදකම තරයේ ප්‍රතික්ෂේප කරයි. නමුත් එය පර්යේෂණ මගින් තහවුරුකල කිසිවෙකුත් නැත. චීනයේ බටහිර වෙදකම ඉගෙන ගන්නේ නම් අනිවාර්යෙන්ම දේශීය වෙදකම හැදෑරිය යුතුය. ඒ අධ්‍යාපන ප්‍රතිපත්තීන්හි පවතින වෙනස්කමයි. දියුණුවේ හා නොදියුණුවේ රහසයි.
අතීත අධ්‍යාපන ක්‍රමය තුළ භාෂාව හා සාක්ෂරතාවය අදාල කරුණු පමණක් වනපොත් කල අතර අනිකුත් සියළු දැනුම හා තාක්ෂණයේ න්‍යායාත්මක හා ප්‍රායෝගික කරුණු උගන්වනු ලැබුවේ ප්‍රායෝගිකවමය. නමුත් වර්තමානය වන විට න්‍යායන් හා ප්‍රායෝගික කරුණු දිත්වයම උගන්වනු ලබන්නේ වනපොත් (කටපාඩම්) කිරීමෙනි.
අප සැබෑ නිදහස ලැබීමටනම් මේ අධ්‍යාපන මාෆියාවෙන් මිදිය යුතුය. බටහිර පොත් සිංහලයට පරිවර්තනය කොට කටපාඩම් කරවනවා වෙනුවට බටහිර හා දේශීය දැනුමේ වැදගත් කරුණු සම්මිශ්‍රනය කරමින් නව දැණුමක් කරා යායුතුය. මෙම අධ්‍යාපන මාෆියාවට විරුද්ධවී ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් කෙරෙහි යොමුවීම ජාතික අභිවෘද්ධියේ අනිවාර්ය අංගයකි.

Comments
Post a Comment