බුකියේ දේශපාලනය

බුකියේ සිටින්නේ වර්ග දෙකක දේශපාලන මතධාරීන්ය. එන්ම් මහිකද වාදීන් (මරා ෆෑන්ස්) හා මෛත්‍රී වාදීන් (මෛසි ෆෑන්ස්)ලාය.
මහින්දවාදීන් - මහින්දගේ ගුණ වයමින් කණගාටුවට පත්වේ
මෛත්‍රීවාදීන් - මහින්දගේ අගුණ පවසමින් සතුටට පත්වේ.
 මහින්ද වාදීන්ටත් මෛත්‍රී වාදීන්ටත් දැන් ජනතාවාදී වීමට කාලයයි. මහින්ද - මෛත්‍රී සටන දැන් අවසන්ය. දැන් අලුත් සටනකට කාලයයි. ඒ මෛත්‍රී - ජනතා සටනයි. මහින්ද - මෛත්‍රී සටනේදී ඔබ කුමන පක්ෂයක් වෙනුවෙන් සටන් කලද මෛත්‍රී - ජනතා සටනේදී ඔබගේ පක්ෂය විය යුත්තේ ජනතාවයි.
 දැන් හිටපු ජනාධිපතිගේ ගුණ වැයීමත් අගුණ වැයීමත් නතර කල යුතුය
 වර්තමාන ජනාධිපති සර්ව සුභවාදීව දැකීමත් නතරකල යුතුය.
 ඇත්ත ඇතිසැටියෙන් දකිමු. ජනතා සටනට පිවිසෙමු.
මා මහින්දව දුටුවේ තම බලය රැක ගැනීම උදෙසා වංචා දූෂණයට, අවනීතිය රජ වීමට ඉඩ ලබාදුන් පාලකයෙකු ලෙසයි
එමෙන්ම මෛත්‍රීව දකින්නේ තම බලය උදෙසා ජනතාව මුලා කරනා නායකයෙකු ලෙසයි. ඒ සදහා උදාහරණ පහතින් දක්වමි. එම උදාහරණ පිළිබද ඔබගේ විවේචන ගෞරවයෙන් අපේක්ෂා කරමි
1.       ඇමති මණ්ඩලය 25 සිට 38 දක්වා වැඩි කිරීම
අතිවිශාල ඇමති මණ්ඩලය 38 දක්වා අඩුවීම හොද නැද්ද? යනුවෙන් ඇසීම මෛත්‍රී වාදයෙන් ඇස් අන්ධවූවන්ගේ තර්කයකි. යහපාලනයේ පොරොන්දුව වූයේ ඇමති මණ්ඩලය 25 දක්වා අඩුකරනවා යන්න මිස, ඇමති මණ්ඩලය අඩු කරනවා යන්න නොවේ. කිරීමට නොහැකි පොරොන්දු ලබාදීම ජනතාව මුලාකරීමක් මිස යහපාලනයක් නොවේ.
2.       රාජ්‍ය‍‍ සේවකයන්ගේ වැටුප 10000කින් වැඩි කරන අතර දින 100 ඇතුලතදී 5000කින් වැඩිකරේ. පැවති රජය මගින් 3000කින් වැටුප් වැඩිකල අතර දින 100 යේ 5000ත් සමග එය 8000ක් විය යුතු නමුත්, වැඩිවන සමස්ත ප්‍රමාණය 5000කි. ඒ අනුව දින 100 මගින් සත්‍ය වශයෙන්ම වැඩිවන්නේ 2000කි
යහපාලනය අනුව වැටුප් වැඩි කරන්නේ 5000කින් මිස 5000 දක්වා නොවේ. 5000කින් වැඩිකරන්නේ යැයි පවසා 5000 දක්වා වැඩිකරන්නේ ජනතාව මුලා කිරීම උදෙසා නොවේද?
3.       හොරුන්ට දූෂකයන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීම -
යහපාලනයට අනුව හොරු දූෂකයන් වන්නේ මහින්දත් ඔහුගේ පව්ලේ අයත්, ඔහුගේ අනුගාමිකයනුත් පමණක්ද? රාජිත, චන්ද්‍රිකා ආදීන්ගේ වංචා දූෂණ වලට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නේද?
4.       ත්‍රස්තවාදයට විරුද්ධවීම -
මෙම රජයට අනුව ත්‍රස්තවාදීන් වන්නේ කේපී, කරුණා ආදීන් පමණද?සම්බන්ධන් ආදීන්ට විරුද්ධව පියවර ගන්නේද?
රටේ ප්‍රගමනය උදෙසා අන්තවාදී නොවෙමු. මධ්‍යස්තව සිතමු. කරුණු සහිතව විවේචනය කරමු. කරුණු සහිතව ගුණ කියමු
 
 

Comments

Popular Posts