නිදහස නොහොත් ඩීල් දේශපාලනයේ ආරම්භය
එවකට බ්‍රිතාන්‍ය ආන්ඩුව විසින් 1947.12.10 වැනි දින දරන ලංකා නිදහස් පනත මගින් ලංකාව 1948.02.04 දින සිට නිදහස් රටක් ලෙස හැදින්විය. මෙම පනත 1947.12.03 දින ලංකා පාර්ලිමේන්තුව පිලිගනු ලැබුවේ පක්ෂව (ඩී.එස් ප්රමුක ධනපති එංගලන්ත ගැත්තන්ගේ) ඡන්ද 59ක්, විපක්ෂව ඡන්ද 11 හා ඡන්දය දීමෙන් වැලකුණු 29 කුගෙන් යුතුවය. 😱😬😀😁 ( හිනා වෙන්න එපා බොලව් එහෙව් නිදහසක් මේක)
නිදහස් පනතට අමතරව ඇති කරගනු ලැබූ ආරක්ෂක ගිවිසුම මගින්
මෙරට නාවික හා ගුවන් තොටුපොලවල් බ්‍රිතාන්‍යට අවශ්‍ය විට පාවිච්චි කිරීමේ බලය
බ්‍රිතාන්‍ය හමුදා මෙරට රැස් කිරීමට බලය ලබාදීම
මෙරට හමුදා පුහුණු කිරීමේ අයිතිය බ්‍රිතාන්‍යට පැවරීමටත්
මෙරටට අවශ්‍ය යුද ආධාර බ්‍රිතාන්‍යය විසින් ලබාදීමටත් මෙරට පාලනය බාරගත් (ජාතියේ පියා 🙃(!) ප්රමුක) කලු සුද්දන් එකගවිය 😱
එයට අමතරව
1815 මාර්තු 2 දින අහෝසි කල සිංහලේ රාජධාණිය, ලංකා නමින් නැවත පිහිටුවා එදින අහෝසිවූ රජ තනතුරද නැවත පිහිටුවන ලදී. ස්වෛරීය ලංකා රාජ්‍යයේ රජ තනතුරට බ්‍රිතාන්‍ය රජ පදවියද දරණ හයවන ජෝර්ජ් රජ පත්කරගන්නා ලදී. 😱😬😱 රජතුමා ලංකාවේ පදිංචි නැති බැවින් එතුමා නියෝජනය සඳහා අග්‍රාණ්ඩුකාර නමින් තනතුරක් ඇතිකරණ ලදී. ලංකාවේ ප්‍රථම අග්‍රාණ්ඩුකාර ලෙස සර් මේසන් මුවර් මහතා පත්විය . මෙම තනතුර 1972 තෙක් පැවතුනි.
නිදහස් ඩීල් එකේ කතාව ඔන්න ඕකයි. අපේ දේ(වේ)සපාලකයො නිදහස ගත්තෙත් ඩීල් දාල. කාලිංග මාඝ ආදී ආක්‍රමණිකයන් ගෙන් වීරවරු ජීවිත පූජාකරල රට බේරා ගැනීම නිදහසක් නොවන මේ පාලකයන්ට, ඩීල්දාල ගත්ත නිදහස (කියනඑක) සමරන්නෙ මොකටද කියන එක පැහැදිලි කරන්න ඕන නෑනෙ. 🚮
Comments
Post a Comment