නැති නිදහස

අපේ රටට නිදහස (කියනඑක) ලැබුනෙ පාර්ලිමේන්තු පනතකින්. ඒ පනතෙන් කරපු එකම දේ සුද්දො මේ රටෙන් භෞතිකව ගියපු එක විතරයි. නිදහස (කියන එක) ලැබිල දැනට අවුරුදු 70ක් ගෙවිල. ඒත් තාම තියෙන්නෙ

සුද්දො ඇතිකරපු

1. අධ්‍යාපන ක්රමය(උගන්වන විෂයයන් හා භාෂාව පමනක් වෙනස්වී ඇත)
2. ආර්ථික ක්රමය (තේ, පොල්, රබර් ආර්ථිකය)
3. නීති ක්රමය
4. දේශපාලන ක්රමය
5. යටත් විජිත මානසිකත්වය

ඉතිං නිදහස ලැබුනැයි කියල ඇත්තටම අපිට නිදහසක් ලැබුනෙ මොකෙන්ද?

හැබැයි සුද්දන්ට කත් ඇදපු කලු සුද්දන්ටනම් නිදහස ලැබුන මේරටේ පාලකයො බවට පත්වෙලා නිදහසේ මේ රට සූරන් කන්න.

එතකෙටෙ මේ උඩදාගෙන සමරන්නෙ මොකක්ද? සුද්දො මේ රට පාන⁣ය කරන්න කලු සුද්දන්ට බාරකරපු එක නේද?

Comments

Popular Posts